Press "Enter" to skip to content

ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා  දිවුරුම් දී තිබේ.

 

අද (22) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කළ අතර පසුව එය මැතිවරණ කොමිසම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළේය.

 

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (21) ප්‍රතික්ෂේප කර තිබුණි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *