Press "Enter" to skip to content

නාවික හමුදාව විසින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ!

අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව 2020 අගෝස්තු 15  වන දින විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත ගිණිකොණ නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මෙම විශ්‍රාම ශාලාවේ සියළුම විදුලි පරිපථ ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින් සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම ප්‍රජා සත්තාරක සේවාව සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ නාවික හමුදාවට ප්‍රසංශා කරන ලදි.

පොතුවිල් මුහුදු මහා විහාරයේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක දිල්රුවන් රාජපක්‍ෂ මැතිතුමා විසින් සිදු කරන ලද ‍අතර, එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති ඇතුළු නිලධාරීන් හා නාවිකයින් පිරිසක්, යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *