Press "Enter" to skip to content

නියෝමාල් රංගජීවට වෙඩි තැබූ “පොඩි පැටි” අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .

 

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත , වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසු අසල කැලෑවක සඟවා තිබූ ජීව බෝම්බය, ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය කීය.

 

“පොඩි පැටි” නැමැති 29 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු වූ  අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

සැකකරු ගිනි අවිය සහ ජීව බෝම්බය කිසියම් පුද්ගලයකුට ලබාදීමට යමින් සිට ඇති බව ද පොලිසිය පවසයි .

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *