Press "Enter" to skip to content

පළාත් පාලන මැතිවරණය කවදාද?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) මධ්‍යහ්න 12.00න් අවසන්වීමට නියමිතය.

 

පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

ඉන් අනතුරුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව තේරිම් භාර නිලධාරින් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

එමෙන්ම මැතිවරණ පැවැත්වෙන දිනය ද නාමයෝජනා භාරදිම අවසන් වූ පසු ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ඊයේ (20) මධ්‍යාහ්න 12.00 දක්වා කාලය ලබාදී තිබූ අතර නාමයෝජනා භාර ගැනීම පසුගිය 18 වනදා ආරම්භ විය.

 

මේ අතර අදින් පසුව එළඹෙන මැතිවරණ ප්‍රචාරක කාලසීමාව තුළ සාමකාමි ලෙස කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *