Press "Enter" to skip to content

පාපැදිය ඉහළ ගිය හැටි

ඩොලර් ප්‍රශ්නය නිසා පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ  ලේකම් රිස්නි ඉස්මත් මහතා  ලංකාදීපයට පැවැසීය.

 

මේ අනුව රුපියල් 18,000 ක පමණ මිලකට පැවැති මවුන්ටන් වර්ගයේ   පාපැදියක් සහ කාන්තාවන් පවිච්චි කරන කරන පාපැදියක් රුපියල් තිස්  හය දාහකට  පමණ ඉහළ ගොස් ඇති බව   හෙතෙම සඳහන් කළේය.

 

සාමාන්‍යයෙන් බොහෝ පාපැදි විදේශයන්ගෙන් අමතර කොටස් ගෙනවිත් මෙරටදී එකලස් කිරීම  කාලයක සිට සිදුකෙරෙන බවත් පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර  සියයට 55 ක පමණ බද්දක් අය කිරීම නිසා පාපැදි මිල මෙලෙස ඉහළ  දැමීමට සිදුවූ  බවත්  ඉස්මත් මහතා ප්‍රකාශ කළේය.

 

පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර  බද්ද  සියයට බින්දුව දක්වා අඩු කර දුනහොත් පාපැදියක් රුපියල් දහනව දාහකට පමණ  පාරිභෝගිකයාට ලබාදීමට අනිවාර්යෙන්ම හැකිවන  බවද ඔහු කීවේය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *