Press "Enter" to skip to content

මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි

මත්තල සහ රත්මලාන ගුවන්තොටුපලවල ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කරන ලෙස සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන සමාගම් සඳහා රජය විශේෂ සහන ලබාදීමට ද තීරණය කර ඇති බවයි.

ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල මෙරට කළමනාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

එහිදි රත්මලාන සහ චෙන්නායි අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සාකච්ඡාවට සහභාගී වූ ඉන්දීය ගුවන් සමාගමක මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මත්තල ගුවන්තොටුපලට වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එම සාකච්ඡාවට එක්වූ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් කැමැත්ත පල කළ කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *