Press "Enter" to skip to content

මැතිසබයේ ’’බුෆේ’’ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

 

ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින්  සැකසුණු බත් පාර්සලයක් ලබාදීමේ හැකියාව ගැනද කතානායකවරයා කරුණූ සොයා බලා  ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට  ඇත.

 

කතානායකවරයා  මේ කාරණය කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ  රටේ  ආර්ථික තත්වය සහ පාර්ලිමේන්තුවේ ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් සමාජයෙන් මතුවී ඇති විවිධ චෝදනා  සැලකිල්ලට ගෙනය.

 

කතානායකවරයා මේ සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් කරුණු විමසා ඇතැයිද  දැනගන්නට  ඇත.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *