Press "Enter" to skip to content

මෙරට ශ්‍රම බළකාය පහළ ගිහින්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබේ.

 

ඒ අනුව 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

 

ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද 2022 වසරේ දී වාර්තා වූ සියයට 49.8 සිට 2023 වසර වන විට සියයට 48.6ක් දක්වා පහත වැටී තිබේ.

 

සේවා වියුක්ත ජනගහනය මෙන්ම ශ්‍රම බළකාය පහත වැටීමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතිකය ද පෙර වසර හා සැසඳීමේ දී 2023 වසරේ දී සියයට 4.7ක අගයෙහි නොවෙනස්ව පැවතී ඇති බව සඳහන්ය.

 

සේවා වියුක්ත ජනගහනය 2022 දී වාර්තා වූ මිලියන 0.399 සිට 2023 වන විට මිලියන 0.39ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

 

එසේම, සේවා නියුක්ත ජනගහනය ද 2022 වසරේ දී වාර්තා වූ මිලියන 8.14 සිට පසුගිය වසර වන විට මිලියන 8.01ක් දක්වා පහත වැටී තිබේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *