Press "Enter" to skip to content

රටට එරෙහි NGO 1000ක් නියාමනය කරයි

රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව මෙම වැඩසටහනද ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මීට අමතරව ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *