Press "Enter" to skip to content

රට පාවාදීමේ පාපයට සියලු දේශපාලන පක්ෂ ගාල්කිරීමේ මෙහෙයුමක්.. නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා හෙළිකරයි

13 බලාත්මක කිරීම මගින් රට බෙදීම සදහා සකස්කර තිබෙන ජාත්‍යන්තර සැලැසුම ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකගතාව පළ කර ඇති බව දැන් ඉතා පැහැදිලිව පෙනෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

එළඹෙන නිදහස් උත්සවයට පෙර ඊනියා උතුරේ ප්‍රශ්නය විසදන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින් ඒ  මහතා මේ බව සදහන් කළේය.

 

ජනාධිපතිවරයාගේ සැලැසුම පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමැතිට යටත් වන ආණ්ඩුකාරවරයකු පත්කර පොලිස්, ඉඩම් ආදී ප්‍රඥප්ති සම්මත කිරීමට ඉඩ සැලසීම මගින් 13 බලාත්මක කිරීම බව ඔහු තවදුරටත් සදහන් කළේය.

 

නමුත් එම තීන්දුව සර්වපාක්ෂික සමුළුවක් මගින් ගැනීම හරහා ඒ මහා පාවාදීමේ පාපය සියලු පක්ෂ මත පැටවීමට ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවද ඔහු සදහන් කළේය.

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *