Press "Enter" to skip to content

රනිල්ට ඉඩදෙමු කියන තරුණ පුතාලා නොදත් කතාව පුංචි තරුණ පුතාලට කියලා දෙන්න – ගම්මන්පිල

“2015 දී ඒකාබද්ධ විපක්ෂයේ කුළුඳුල් මැයි රැළිය අපි පැවැත්වුවේ මේ පිට්ටනියේ. එදා ඒ වේදිකාව දෙවනත් කරපු අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පතුරු ගහලා පරගැති ජනපීඩක යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන බවට සපථ කලා. අවාසනාවකට අද රනිල් වික්‍රමසිංහගේ ඇමතිකට්ටකට රනිල් වික්‍රමසිංහ වර්ණනා කරමින් ඉන්නෙත් එදා මේ වේදිකාවේ ඉදන් යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න පොරොන්දු වුන අයමයි.

 

අපි පොරොන්දු වූ ආකාරයටම දේශප්‍රේමී ආණ්ඩුවක් හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කලා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ල ගන්න කොටම ඇමරිකාව අපේ ජනපති අල්ලගත්තා. අපි පත් කරපු ජනපති රට පාලනය කලේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානුවෙක් වන ජූලි චං තානාපති නෝනා. අනික් එක්කෙනා මැද මුලන ඇමරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ ඇමරිකානුවන් දෙන්නාගේ ලණු කාලා හදාගත්ත ආණ්ඩුවත් විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා ඉල්ලුවාම උඹෙන් දැන් අපට වැඩක් නෑ. ඔන්න ඔහේ ලංකාවට වෙලා හිටපන් කියලයි ඇමරිකාව කිව්වේ.

 

එහෙම තමයි රනිල් පත් කරගත්තේ. දැන් රනිල්ට ඉඩදෙන්න කියලා තරුණ පුතාලා ටිකක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නෑ මේ රටේ ජනතාව දෙපාරක් වැරදිලා රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැතිවෙන්න ඔන්න මෙන්න කියලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ. ඒක පුංචි තරුණ පුතාලට කියලා දෙන්න එක වැඩිහිටි අපේ වගකීමක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *