Press "Enter" to skip to content

රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්

රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.

 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේ රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

 

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇත.

 

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතුය.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *