Press "Enter" to skip to content

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා පත්වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (31දා) පැවසීය.

සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා ඊළඟ සැසිවාරයේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *