Press "Enter" to skip to content

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

 

සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධූරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කරන ලදී.

 

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැනුම් දුනි.

 

ඒ අනුව විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

 

මෙම නඩුවට අදාළ විරෝධතා සහ උත්තර මීලඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් අදාළ පාර්ශවකරුවන්ට නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *