Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ.

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

 

ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

 

මේ වනවිටත් වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල පහළගොස් ඇති අතර චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ත් 300ත් අතර මිලකට වෙළෙඳපොළ තුළ පවතින බව වාර්තා වෙයි.

 

මේ අතර ඉන්දියාව ද පසුගියදා ලොකු ලූනු අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කර ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරීමට එකඟතාව පළකර තිබුණි.

 

අදාළ ලොකු ලූනු වෙළෙඳ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙරටට ආනයනය කර සතොස හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *