Press "Enter" to skip to content

ශ්‍රිලනිපයේ සහයත් ආණ්ඩුවටම දෙයි

නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ බව දැනගන්නට ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට  පෙරවරුවේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි දැනගන්නට ඇත.

 

මෙ අතර ,වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය රැස්වීමට නියමිතව තිබුණ ද එය අද පෙරවරු 10ට කල් දමා ඇත.

 

අගමැතිවරයා හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාව හේතුවෙන් එම සාකච්ඡාව හෙටට කල්දමා ඇතැයි දැනගන්නට ඇත

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනකු නව ආණ්ඩුවට එක් වීමට කලින් තීරණය කර තිබූ අතර ,පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සියලු දෙනාම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

 

මේ අතර, පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමා ආණ්ඩුවට සහාය දක්වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා  ප්‍රකාශ කළේය.ආණ්ඩුවට සහාය පළ කරන බව කීවේය

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් තීරණය කර තිබුණේ ආණ්ඩුවට සම්බන්ධ නොවී ආණ්ඩුවේ හොඳ දේවල්වලට පමණක් සහාය දැක්වීමට ය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *