Press "Enter" to skip to content

සමලිංගික චර්යා අපරාධ වරදින් නිදහස් කිරීම සදහා ගෙනෙන පනතින්, ළමා අපචාර ප්‍රවර්ධනය වෙන හැටි – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ජනතාව අර්බුදයට පත්වී සිටින මේ මොහොත පාවිච්චි කරමින් ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බවත්, සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ද පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සංශෝධන පනතක් දණ්ඩනීති සංග්‍රහයට ගෙනවිත් ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(11) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසීය.

 

සමලිංගික චර්යාවන් මෙරට නීතියේ අපරාධ වරදක් ලෙස සඳහන් වුවද, අධිකරණ තීන්දු අනුව පොලිසිය පසුගිය කාලයේ එසේ දඬුවම් කිරීමෙන් වැළකී සිටි බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල තිබෙන ආකාරයේ අමානුෂික පීඩාවන් මෙරට නොමැති බවද, යම් ආකාරයකින් එසේ තිබෙනවා යැයි උපකල්පනය කරමින් එවැනි සංශෝධනයක් ගෙන එන්නේ නම් ඒ සඳහා 365 වගන්තියේ සුළු සංශෝධනයක් කිරීම මගින් කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

 

එහෙත් 365 ‘ආ‘ වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් මෙම ගෙන එන සංශෝධනය සිදු කිරීම මගින් බරපතළ ගැටලු ගණනාවක් නිර්මාණය වන බව හා එමගින් ලෝකයේ ළමා අපචාර ප්‍රවර්ධනය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

 

මානුෂීය හේතුවකට මුවා වෙමින් මේ සිදුකිරීමට සැරසෙන්නේ ළමා අපචාර ප්‍රවර්ධනය කිරීමට අනුබල දීමක් බවද, එමගින් ඕනෑම ළමා අපචාරයක් සිදුකර ඕනෑම අයෙකුට ගැලවී යා හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *