Press "Enter" to skip to content

සාග් ගිය ක්‍රීඩකයින් 13කට ඩෙංගු

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී තිබෙනවා.

එයින් ක්‍රීඩකයන් හතර දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තවමත් අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට පෙර ඩෙංගු උණ රෝගය වැළඳුණු ක්‍රීඩකයන් දහතුන් දෙනාගෙන් දොළොස් දෙනෙකු සුගතදාස ක්‍රීඩාංගනයේ හෝටලයක නවාතැන් ගෙන සිට ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇති අතර එම නිසා ඩෙංගු රෝගය වැලඳී ඇති බව බලධාරීන් සැක පළ කරනවා.

නේපාල වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන ආකාරය සෑහීමකට පත්විය නොහැකි නිසා ශ්‍රී ලංකා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත් බවයි බලධාරීන් පවසන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *