Press "Enter" to skip to content

සුබ නත්තලක් වේවා

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල මිට සුළු වේලාවකට පෙර උදාවිය.

 

මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්වේ.

 

මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මීගමුව පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානයේ ද , ජේ.ඩී.ඇන්තනී රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් වෑවල සාන්ත සේවියර් දේවස්ථානයේ දී ද නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්වේ.

 

මෙයට අමතරව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් ඇතුළු දිවයිනේ සෑම දේවස්ථානයක ම මැදියම් රාත්‍රී නත්තල් දේවමෙහෙයන් පැවැත්වෙන අතර දේව මෙහෙයන්ට ප්‍රථම විශේෂ නත්තල් කැරොල් ගී ගායනා පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

 

දිළිදු ජනතාවට උදව් කිරිම මෙවර නත්තලේ තේමාව බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *