Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

දින විසි දෙකක් තුළ බීමත් රියදුරන් පන්දාස් හත්සිය පහක් අත්අඩංගුවට

බීමත් රියදුරන් පන්දහස් හත්සිය පස්දෙනෙකු දින විසි දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බව ොලිසිය ප්‍රකාශ කරයි. මෙම බීමත් රියැදුරන් සියලු දෙනාටම රුපියල් මිලියන 142ක දඩ පැනවීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කරයි.

මත්තල ගුවන් තොටුපල ආසන්නයේ ගංජා හේනක්

මත්තල ගුවන් තොටුපල ආසන්නයේ පවත්වාගෙන ගිය පැල හත්දාස් තුන්සිය තිස් හයක් සහිත ගංජා හේනක් වැටලීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී තිබේ. මෙහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

විශේෂ නියෝජිතයාට නඩුවල තොරතුරු ලබාදෙන ලෙස විනිසුරුවන්ට වැඩ බලන විදේශ ලේකම් යැවූ අන්දෝලනාත්මක ලිපිය මෙන්න

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කරලා

කලාවැව රක්‍ෂිතයේ විජිතපුර බලකොටුවේ බැලුම්ගල ගල් රෑනේ කෝමාරිකාගල ලෙන් සමූහය අසල පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කළ ගුරුවරයා සහ කම්කරුවා ඉපලෝගම පොලිසිය මගින් 24 දා අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහෙස්‌ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්‌තු මස 07 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කළේ කලාවැව පදිංචි නෙල්ලියගම මුස්‌ලිම් විද්‍යාලයේ ගුරුවරයකු වන එන්. නජීබ්දීන් නමැත්තා සහ කම්කරුවකු වන සන්මුගරාජ යන අයයි.

පුරාවිද්‍යාත්මක ඉඩම ඩෝසර් කර නටබුන්වලට හානි කළ බවට ඉපලෝගම පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැමිණිලි කර තිබිණි.

උසාවියේදී අදාළ සැකකාර ගුරුවරයා හඬමින් කියා සිටියේ තමන් නොදැනුවත්ව එම ඉඩම ඩෝසර් කළ බවය. නමුත් එම ඉඩමේ ඔසු පැළ වවා නැති බව එහි ගිය අපට දක්‌නට ලැබිණි.

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අගො:05 වැනිදා එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමෙන් පසුව… 5 වැනිදා පෙරමුණ ගොඩනගන්නේ රනිල්ගේ ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නම් කරනු ලබන්නේ අගෝස්තු පස්වෙනිදා එක්සත් ජාතික පෙරමුණ නව පෙරමුණක් සඳහා සන්ධාන ගත වීමෙන් පසුව බව වාර්තා වේ.

ඒ සඳහා අගෝස්තු 5වැනිදාට පසු සුදුසු අවස්ථාවක දී එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවීමට නියමිත බව ද දැනගන්ට ලැබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා එක්සත් ජාතික පෙරමුණ වශයෙන් තරග කිරීමට අදාල ගිවිසුම් ගත වීම අගෝස්තු පස් වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දැනට එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධාන ගතවී සිටින දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට අමතරව තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් අලුතින් අගෝස්තු පස්වැනිදා සන්ධානගත වීමට නියමිත බව ද වාර්තා වේ.

ළඟදීම මෛත්‍රි-මහින්ද හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගත වීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත අවසන් තීරණාත්මක සාකච්ඡාව වශයෙන් මෙය හැඳින්වීමට පුළුවනි. මෙම පක්ෂ දෙක අතර එකඟතාවයක් ඇති කිරීම වෙනුවෙන් කණ්ඩායම් දෙකක් අතර පසුගිය කාලය තුළ සාකච්ඡා පැවති අතර ඇතැම් කාරණා කීපයක් සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.

මෙම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති කාරණා සම්බන්ධයෙන් නායකයින් දෙදෙනාට මුණගැසේ සාකච්ඡාකර තීරණයක් ගැනීම වඩා සුදුසු බව එම සාකච්ඡා වලට සහභාගි වූ නියෝජිතයින් පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ. අගෝස්තු එකොළොස් වැනි දා පැවැත්වීමට නියමිතශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට පෙර මෙම ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතුව තිබේ.

ඒ අනුව නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද බොහෝ දුරට සහභාගිවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ලසිත් මාලිංග ගෙන් මහින්ද රාජපක්ෂ ට විශේෂ ස්තුතියක් (විඩියෝ)

අද දින එක්දින ජාත්‍යන්තර තරඟවලින් සමුගත් ‍ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමුගැනීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් තමන්ට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුති කළේය.

2009 වසරේදී තමාගේ පාදයේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී අවධානයක් යොමු කරමින් මැදිහත් වූ බවත් ඒ අනුව වෛද්‍ය එලියන්ත වයිට් මහතා තමාගේ පාදය සුව කළ බවත් එනිසාම තමාට දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටීමට හැකි වූ බවත් ලසිත් මාලිංග මුල්වරට අනාවරණය කළේය.

ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ වෛද්‍ය එළියන්ත වයිට් මහතාගෙන් උදව් උපකාර නොලැබෙන්නට මාගේ ක්‍රිකට් ජීවිතය 2009 වසරේ දී ම වසන් වීමට ඉඩ තිබුණු බව ලසිත් මාලිංග ප්‍රකාශ කළේය. ලසිත් මාලිංග එසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ සම්බන්ධයෙන් ප්‍රකාශකරන විට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රිති ඝෝෂා කරමින් තම සතුට ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.


ජපාන ශ්‍රි ලංකා ආරක්ෂිත සහයෝගිතාව පුළුල් කර ගැනීමට අවධානය

ජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

එතුමා මේ අදහස් ප්‍රකාශ කළේ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා කොළඹ ජනාධිපති නිල නිවසේ දී අද (26) හමුවූ අවස්ථාවේදී ය.

ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, දෙරටම සමුද්‍ර ආරක්ෂාව කෙරෙහි උනන්දුවක් දක්වන හෙයින් ජාත්‍යන්තර සමුද්‍රිය ආරක්ෂාව මෙන්ම අන්තර්ජාතික නාවුක මාර්ග  සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා දෙරටේ නාවුක හමුදා අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවයි.

නාවික අංශයේ දැනට පවතින සමීප සහයෝගීතාව යුද හමුදාවට ද ව්‍යාප්ත කළ යුතු බවත්, දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම එම සහයෝගීතාව ඉහළ නැංවීමට උපකාරී වන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර ඇති කර ගත් ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම පිළිබද සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  කියා සිටියේ, කොළඹ වරායේ ධාරිතාවය වර්ධනය කිරීමට එය ඉතා වැදගත් පියවරක් බවයි.

රාජ්‍ය අමාත්‍යය කෙන්ජි හරදා (Kenji Harada) මහතා ප්‍රකාශ කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවය පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වු බවයි.   නාවික සහයෝගීතාවය මත සිට දෙරට අතර ඒකාබද්ධ නාවික මෙහෙයුම්, පුහුණු කටයුතු සහ සැපයුම් කටයුතු ආවරණය වන පෙන්වා දුන් ඒ මහතා  ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානගත වීම පිළිබඳ සඳහන් කරමින් තවදුරටත් සඳහන් කළේ, සාගරය දෙරටටම ඉතාම වැදගත් වන හෙයින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සහයෝගීතාවයේ වැදගත්කම ඉතා ඉහළ බවයි.

ජපානය විසින් ශ්‍රී ලංකාවට දිගු කාලයක් පුරා ලබා දෙන සංවර්ධන සහයෝගය වෙනුවෙන් ජපාන අමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama), ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෆු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි කොකුබා (Hiroshi Kokubo) යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටියහ.

දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර කඹ ඇදීමක් – අගමැති රනිල් අමාරුවේ

දෙමළ ජාතික සන්ධානය සහ ‍ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සම්බන්ධයෙන් මතුවී ඇති කඹ ඇදීම නිසා ආණ්ඩුව තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව වාර්තා වේ.

පසුගියදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම වෙනුවෙන් කල්මුනේ උතුරු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙහි බලය දෙමළ සන්ධානයට ලබාදෙන බව අගමැතිවරයා විසින්පො රොන්දු වෙන ලදී. එසේ පොරොන්දු වුව ද මේ සම්බන්ධයෙන් විරෝධතාවක් දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ ආණ්ඩුවේ අමාත්‍යධූර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. ඒ එච්. එම්. ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම පිරිස තීරණය කළේ කල්මුණේ උතුරු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන නිසා එහි වැඩි බලයක් මුස්ලිම් ජනතාවට හිමි විය යුතු බවයි.

මුස්ලිම් මැති ඇමතිවරුන් අමාත්‍ය ධුර භාර ගැනීම ප්‍රමාද වීමටද මෙම ගැටලුව බලපා ඇත. දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට ක්‍රියා නොකරයි. මීට අමතරව සයින්දමරුදු ප්රා‍රදේශීය ලේකම් කොට්ඨාසය සම්බන්ධයෙන් ද මෙවැනිම ගැටලුවක් මතු වී තිබේ. එච් එම් ෆවුසි මහතා ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ ළඟදීම අග්‍රාමාත්‍යවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

වර්තමාන යහපාලන ආණ්ඩුවේ බහුතරය ආරක්ෂා කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් ජනතා නියෝජිතයින්ගේ ද සහාය අවශ්‍ය වී තිබේ.

එක වද සැත්කමකට සාෆිට රුපියල් ලක්ෂ 2 බැගින් ලැබුණු බවට චෝදනාවක්

අන්දෝලනයකට තුඩු දී ඇති වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා සිදු කරන ලදැයි කියන එක් වදසැත්කමක් සදහා රුපියල් ලක්ෂ 2ක මුදල් ලැබී තිබෙන බවට ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී කරුණු වාර්තා වන බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වෛද්‍ය සාෆි සහබ්ඩීන්ගේ බැංකු ගිණුම් වල රුපියල් කෝටි ගණන් මුදල් තැන්පත් වී තිබෙන බවයි. 2008 වසරේ සිට දිනකට රුපියල් ලක්ෂ 5 බැගින් ඔහුගේ ගිණුමට මුදල් බැර වී ඇති බවත් විදේශ රටවලින්ද සැළකිය යුතු මුදලක් ලැබී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය පැවසීය.

සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසින් වෛද්‍ය සාෆි සහබ්ඩීන්ගේ බැංකු ගිණුම්වලට අදාළ ලේඛන රැසක්ම පාර්ලිමේන්තුවේ සභාගත කළේය.