Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

ඒ අමෙරිකානු වුවමනාව වළක්වන්න පූර්ව කොන්දේසිය තමයි මරාගෙන මැරෙන පිස්සා හදන වහබ් අන්තවාදය අතුගා දැමීම‍ – විමල් වීරවංශ

මුස්ලිම් හා සිංහල ජාතින් අතර ගැටුම් ඇතිකිරීමෙන් අමෙරිකාවට මෙරට තුළ කඳුවුරු බැඳීමට පහසු වන බව ජාතික නිදහස් පෙරමුණේ පා.ම විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යපාරය විසින් සංවිධානය කරන ලද ජන රැලියක් අමතමිනි.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන දෙවන ජනතා රැලිය කුරුණෑගල නව නගර ශාලාවේදී අද පැවැත්වුණි.

“මුස්ලිම් අයයි සිංහල අයයි මරාගන්න ලංකාවක් හැදුවොත් අමෙරිකාවට මේ රට සදාකාලිකවම තමන්ගේ මිලිටරි තිප්පල බවට පත් කර ගන්න පුළුවන්.

එතෙන්ට තමයි මේ රට ඇදගෙන යන්නේ.

ඒ අමෙරිකානු වුවමනාව වළක්වන්න පූර්ව කොන්දේසිය තමයි මරාගෙන මැරෙන පිස්සා හදන වහබ් අන්තවාදය අතුගා දැමීම‍.

ඒක මුලින් උපුටා දමන්න බෑ අන්තාවදීන්ගේ ප්‍රාණ ඇපයට හසුවූ ආණ්ඩුවකින්.
 
නව පාලනයක් ජාතිය ඉල්ලනවා.

අපේ දේශපාලන නායකයන් පොළඹවන්න ඕන වහබි අන්තාවාදයට උඩගෙඩි දෙන දේශාපාලනඥයින් බැහැර කරලා ආණ්ඩුවක් පිහිටුවන්න.”

එම ජන රැලියේදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ

“විවාහ නීතිය වෙනස් විය යුතුයි කිවුවාම අසාත් සාලි අපිට කියනවා එයාලගේ නීතිය එයාලා බලාගන්නවා කියලා.මුස්ලිම්වරු ආවේ බිරින්දෑවරු අරන් නෙමෙයි. බැන්දෙ සිංහල අපේ අය.එනිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි.කසාද වයස අවු.18යි.කාන්තාවට විවාහයට කැමැත්ත අවශ්‍යයි.සාධාරණ හේතුවක් නැතුව දික්කසාද කරන්න බැහැ.

කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි.කාති උසාවියේ නීතිඥවරු හරහා කරුණු දක්වන්න අයිතිය තිබිය යුතුය්. මුස්ලිම් සමාජය වහාබ් අන්තවාදයට යට වී අවසන්. ආණ්ඩුවත් අන්තවාදයට යටවෙලා ඉවරයි. මේ යන විදිහට කාදිනල්තුමායි කතෝලිකයොයි වැරදිකාරයෝ වෙනවා.

ඉදිරි මාස 4 තුළ පත්වන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වු ජාතික කොමිසමක් පත් කරලා අපක්ෂපාතීව විමර්ශනයක් කරලා වැරදිකරුවන්ට නිසි දඬුවම් කරලා තුවාල වු හැම හිතක්ම සුවපත් කරනවා.”‍

මෙම ජනරැලියේදී මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්පූය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, රියද් අද්මිරාල් සරත් වීරසේකර, අදහස් දක්වමන ලදී.

ජනාධිපතිවරණයට මං සූදානම්,කියමින් කතානායක එජාපයට කොන්දේසි දමයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමනට අවස්ථාව ලද හොත් ඒ සඳහා ඉදිරිපත්වීමට රට වෙනුවෙන් සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහා කර ඇත.නමුත් ඒ සඳහා සියලු දෙනාම කැමත්තෙන් අවස්ථාව දිය යුතු බවද ඔහු පවසා තිබේ.කරු ජයසූරිය මහතාට හිතවාදී මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ ආසන්න දිනකදී සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.ඔවුනගේ අදහස වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ඒකමතිකව ඔහුට සහාය දිය යුතු බවයි.කිසිදු කණ්ඩායමක් කණ්ඩායම් කල්ලි පැවතිය නොහැකි බවද ජනාධිපති මැතිවරණ වේදිකාවට රනිල් වික්‍රමසිංහ මහතා සමග සජිත් පේ‍්‍රමදාස මහතාද ගොඩ විය යුතු බවද ඔහු කොන්දේසියක් ඉදිරිපත් කිරීමට සාකච්චා කර ඇත.මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම සිදුවිය යුත්තේ තමන්ගේ මූලිකත්වයෙන් බවද කරු ජයසූරිය මහතා සදහන් කර ඇති බවද වාර්තා වෙයි.ජනාධිපතිවරයා බවට පත් වූ ඔහු වසර දෙකක් ඇතුළත ස්ථිර වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් සූදානම් බවද කරු ජයසූරිය මහතා පවසා ඇත.

ලබන මාසය මැද වනවිට අපේ කඳවුරේ අපේක්ෂකයා සූදානම්…

මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා.

අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා.

මුස්ලිම් මන්ත්‍රීවරු නැවතත් ඇමතිධුර බාරගැනීම තීන්දුව හෙට

මුස්ලිම් මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් අද අරලියගහ මන්දිරයේ දී පවත්වා ඇත.

ඇමතිධුරවලින් ඉල්ලා අස්වු සියලු මුස්ලිම් අමාත්‍යවරුන් නැවත සිය ධුර වල නැවත දිව්රුම් දීමට සූදානම් බව ඊට එක්වු මන්ත්‍රීවරු පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා කියා සිටියේ හෙට හෝ අනිද්දා සියළු මුස්ලිම් මැති ඇමතිවරු නැවත සිය තනතුරු භාර ගනු ඇති බවයි.

ඒ පිළිබඳ තීරණය මේ වන විටත් ගෙන අවසන් බවත් දැන් ඇත්තේ ජනාධිපතිවරයා විසින් ඒ සඳහා දිනය හා වෙලාව ඉදිරිපත් කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇතුළු ඉවත් වු සියලු දෙනා නැවත තනතුරු භාර ගන්නා බව මාධ්‍යෙව්දීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

අපේ කාලේ නම් රටට කුණු ගෙනාවේ නෑ

“අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ. මේ ආණ්ඩුව බලයට පත් වුණාම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ කුණු ආණ්ඩුවක් ආවම කුණු ගේන එක සාමාන්‍ය දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි” යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හම්බන්තොට ඉදිකෙරුණු නව දිස්ත්‍රික් රෝහලේ ඊයේ (27) රාත්‍රියේ පැවති පිරිත් පින්කමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

“මේ ආණ්ඩුවේ අය අද වෙච්ච වැරදි වහගන්න හිටපු ආණ්ඩුවලට දොස් කියනවා. මේ අය කියන්නේ අපේ ආණ්ඩුකාලේ ගැසට් එකකින් මේ රටට කුණු ගේන්න අවසර දුන්නා කියලයි. මේක පට්ටපල් බොරු කතාවක්. අපේ කාලේ ගැසට් එකකින් මේක මේක වෙලා තියෙන්නේ කිව්වට අපේ කාලේ කිසිදු ගැටලුවක් වුණේ නෑ.

අනික තමයි අපේ කාලේ ගේන සැම දෙයක් පිළිබඳවම හොදට පරීක්ෂා කරලා බලලා නියාමනයක් ඇතිවයි සියලු දේ එළියට දැම්මේ. ඉතින් ඒ නිසා ඒ කාලේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. දැන් මේ ආණ්ඩුව ආවම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මේ අය ගෙනල්ලා අපිට ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ.”

ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටේ.. රෝහල්ගත කරයි..

අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් රෝහල් ගත කර ඇත.

අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබේ.

ලාබාල ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු අද දිනයේ සාර්ථක පිතිහරශයක යෙදෙමින් වේගයක් ලකුණු 82ක් ලබා ගත්තේය.

තරයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය.

පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 44.4කදී කඩුළු ..ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඒ අනුව තරග 03කින් යුතු තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටද ශ‍්‍රී ලංකාව ජයගෙන සිටී.

පරීක්ෂණවලට බාධා කළ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු ගොනුවෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අතරවාරයේදී එම විමර්ශනවලට බාධා කළ බවට රෝහල් අධ්‍යක්ෂවරයාට විරුද්ධව මේ වනවිට චෝදනා එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශනයට අදාළව විකිරණශීලි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගැනීමට හා විමර්ශනයට ඉතා වැදගත් වන ලිපි ලේඛන CID භාරයට ගන්න කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවේදී කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සඳහා ඉඩ ලබා නොදුන් බව රුවන් ගුණසේකර මහතා චෝදනා එල්ල කරයි.

රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව දැනටමත් මෙම නඩුව යටතේම අධිකරණයට CIDයෙන් කරුණු වාර්තා කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මිලේනියම් ගිවිසුමට සහය වන්න- තානාපතිනිය ජනධිපතිගෙන් ඉල්ලයි

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇති බව කූබියෝnews වෙත වාර්තාවේ.

මෙම ඉල්ලීම කරමින් තානාපතිවරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.


මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ඇමෙරිකානු ආයතනයක් වෙත පැවරෙන්නේ නැතැයිද පවසා ඇති ඇමෙරිකානු තානාපතිවරිය නිදහස ලද දා සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමෙරිකාව විසින් ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර ලබා දී ඇතැයිද ජනාධිපතිවරයාට මතක්කර දී තිබේ.

මි

එක්සත් ජාතීන්ගේ නියෝජිත හරහා නඩු වලට බලපෑම් කිරීමේ සිද්ධියට දේශපාලනඥයන් දෙදෙනකු හවුල් බවට විජේදාස හෙළි කරයි

ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට මෙරට විභාග වන නඩු කිහිපයක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් වැඩබලන විදේශ ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දෙදෙනකුගේ බලවත් උවමනාවකට බවත් ඔවුන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේ දී තමා හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති නිසා ඊට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී ද මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රිලනිපය තවත් අර්බුදයකට, දුමින්ද ඇතුළු පිරිසක් එජාපයට, එස්බී ඇතුළු පිරිසක් පොහොට්ටුවට

ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ මෙම පිරිස අතර සිදු වී තිබේ. මෙම පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගියහොත් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත නිසා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කර තිබෙන බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියයි. මේ අතර එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ලඟදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එම කණ්ඩායම සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද හෙටම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.