Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

අජිත් පී පෙරේරාට සහ සුජීවට රනිල්ගෙන් බලු බැනුම්

නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන මහත්වරුන්ට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වේ.

අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ යන මහත්වරුන් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් දිගින් දිගටම ප්‍රකාශකර ඇත්තේ නව සන්ධානය බිහි කිරීමට පෙර ජනාධිපති අපේක්ෂක ධූරය නම් කලයුතු බවයි. එසේ නොකළහොත් දැඩි තීන්දු ගන්නා බව මේසයට ගසමින් සහ පොළොවේ අඩි හප්පමින් මෙම දෙදෙනා දිගින් දිගටම අග්‍රාමාත්‍යවරයාට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ.

නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සංශෝධන තිබේනම් ඉදිරිපත් කොට 05 වැනිදා නව සන්ධානය පිහිටුවිය හැකි බවයි. නමුත් ඊට ද අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ යන මහත්වරුන් දැඩි විරෝධය පළ කර ඇත. මෙහිදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම දෙදෙනාට දැඩි ලෙස අවවාද කොට ඇති බවද වාර්තා වේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී මෙම දෙදෙනා බල්ලන් සේ හැසිරී ඇති බවද වාර්තා වේ.

මෙම දෙදෙනාට අමාත්‍යධූර ද ලබාදිය යුතු නැති බවද මෙහිදී සාකච්ඡා වී තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

ReplyForward

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එකම ගාලගෝට්ටියක් සජිත්ගේ ජනාධිපති සිහිනය බොදවන ලකුණු

එජාප කෘත්‍යාධිකාරී රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවති අතර එහිදී ඇතිවූ දැඩි වාග් සංග්‍රාමය හේතුවෙන් එය දැඩි උනුසුම්කාරී වී තිබේ.

සජිත් පේ‍රමදාස මහතා වෙනුවෙන් පෙනීසිටි නියෝජිතයන් දිගින් දිගටම ප්‍රකාශකර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ඇති කිරීමට ජනාධිපති අපේක්ෂකයකු නම් කළ යුතු බවයි.

නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සියළු දෙනා ප්‍රකාශකර ඇතතේ නව සන්ධානය බිහි කිරීමෙන් පසු ජනාධිපති අපේක්ෂකයකු තෝරාගතයුතු බවයි.

මෙහීදී දෙපාර්ශවය අතර දැඩි වචන හුවමාරුවක් සිදුව ඇති අතර බහුතරයේ කැමැත්තෙන් දැනට තීරනය කර ඇත්තේ එලබෙන 05වැනිදා නව සන්ධානය අත්සන් කිරීමටය.

නමුත් සජිත්ට හිතවත් පාර්ශ්ව ඊටදැඩි විරෝධය දිගින් දිගටම එල්ලකර ඇත.

මඩකලපුව විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්න බැහැ-හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා කියයි.

ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතු වී බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යාමට තමා සූදානම් බවක් එහෙත් එම ආයතනය රජයට පවරා ගත නොහැකි බවත් හීරා පදනමේ සභාපති නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල් .ඒ. එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරයි.

වසරකට කෘමිනාශක හාරදහසක් ගෙන්වයි.

වසරක් තුළ ආයතන විසිතුනක් මගින් කෘමිනාශක මෙට්‍රික් ටොන් හාරදහසක් මෙරට ආනයනය කරන බව පළිබෝධ නාශක රෙජිසිටාර් සුමිත් ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

මෙම ආයතන සියල්ල පෞද්ගලික අංශයට අයත් ආයතන වන බවත් එක් ආයතනයක් පමණක් අර්ධ රාජ්‍ය ආයතනයක් බවත් පැවසූ පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ප්‍රකාශ කළේ 2016 වර්ෂයේ දී පමණක් එළවළු සහ පලතුරු සඳහා භාවිතා කරන පළිබෝධ නාශක මෙට්‍රික් ටොන් 4253 මෙරටට ගෙන්වා ඇති බවයි.

සහරාන්ගේ පිටුපස බුද්ධි අංශ ප්‍රධානියා යනවිට බාධා කළ ප්‍රභූ වරයා කවුද?

2017 වර්ෂයේ දී සහරාන්ට විරුද්ධව කාකාන්න්කුඩි ප්‍රදේශයේ දී නඩු පවරා තිබුණු බවත් සහරාන්ගේ පිටුපස බුද්ධි අංශ ප්‍රධානියා යන විට ‍ප්‍රභූවරයෙක් ඝාතනය කිරීමට යනවා කියා එම බුද්ධි අංශ ප්‍රධානියා නඩුවකට පැටලවූ බවත් ඒ සමගම සහරාන් පිළිබඳ පරීක්ෂණ කටයුතු අඩාල වූ බවත් පාර්ලිමේන්තුවේ සභා නායක ‍ ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‌මේ බව ප්‍රකාශ කළේය.

සිසිර ජයකොඩි, ජවිපෙ රෙදි ගලවයි

කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා වඳ සැත්කම් 4000 සිදු කර තිබෙන බව දිනපතා පුවත්පතක පළ වූ පසුව එම සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට කඩේ ගියේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

සාෆි සහබ්දීන් මහතා වද සැත්කම් සිදුකර තිබෙන බව පුවත්පත මගින් කරුණු හෙළිදරව් කළ පසු වහා කළබල වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඒ තරම් ප්‍රමාණයක් වඳ සැත්කම් සිදුකිරීමට නොහැකි බව ගණන් හදමින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ආණ්ඩුවට කඩේ යන විපක්ෂයේ භූමිකාව සිහිපත් කරමිනි. නමුත් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා ඉතා පැහැදිලි සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දුන්නේ වඳ සැත්කම් තුන්දාස් අටසීයක් පමණ වෛද්‍ය සාෆිගේ මැදිහත් වීමෙන් සිදුකර ඇති බවයි.

විපක්ෂයේ සන්ධානයේ නාමයෝජනා වේ – ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණවලට තරඟ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය සඳහා නම යෝජනාවේ. ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ යෝජනා වී තිබෙන නම වේ. හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම නම යෝජනා වී ඇත.

දැනට සියලුම පාර්ශව මෙම නව සන්ධානයේ නව සඳහා කැමැත්ත පළකර ඇති අතර අගෝස්තු මුල් සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මුජිබර්ගේ අභියෝගය ගම්මන්පිල බාරගනී

කුරානය සහ වහාබ්වාදය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත්, හැකිනම් ඒ සම්බන්ධයෙන් තමා සමග විවෘත විවාදයකට එන ලෙස ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී අභියෝග කළේය.

ඊට එම අවස්ථාවේම පිළිතුරු ලබාදුන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම අභියෝගය බාර ගන්නා ලදී.

මහනුවර ඇසල පෙරහැරටත් තර්ජනයක් එල්ල විය හැකි බව ලක්මන් කිරිඇල්ල මහතා කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහනුවර ඇසල පෙරහැරට දැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙස මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව එම ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකළ බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ආමාත්‍ය ලක්ස්මන් කිරිඇල්ල මහතා අද(31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නුවර ඇසල පෙරහැර විශාල ප්‍රදේශයක් පුරා විදි සංචාරය කරන බවත්, හතර වටින් විශාල පිරිසක් පෙරහැර නැරඹිමට පැමිණෙන නිසා ඔවුන් පරික්ෂා කර නුවරට ඇතුල් කිරීම ප්‍රයෝගිකව සිදුකිරීමට අසීරු බවත් අමාත්‍ය ලක්මන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

මහනුවර ඇසල පෙරහැරට යම් යම් සිද්ධි ඇති විය හැකි බවට අදෘශ්‍යමාන තොරතුරු වලින් යම් යම් වාර්තා ලැබී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව පැමිණිලි කළේ අර්ජුන සහ ප්‍රමෝද්‍ය

ඇන්ජලෝ මැතිව්ස්ට තරඟ පාවා දුන් බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළේ අර්ජුන රණතුංග සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ බව ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

ඇන්ජලෝ මැතිව්ස් තරඟ පාවාදුන් බවට මෙසේ චෝදනා කිරීම නිසා ඔහුට එෆ් සී අයි ඩී එකට යාමට සිදු වූ බවත් එම චෝදනා හේතුවෙන් ඔහු මානසිකව ඇද වැටුණු බවත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් ජීවිතය විනාශ කළේ අර්ජුන සහ ප්‍රමෝද්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.