Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

හදිසි නීතිය වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

හදිසි නීතිය මසකින් දිර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 40කින් සම්මත විය. ‍යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් හිමි වූ අතර ඡන්ද දෙකක් ඊට විරුද්ධව විය.

හදිසි නීතිය දීර්ගකිරීම සදහා ඡන්දයක් ඉල්ලා සිටිමින් එයට විරෝධය ඵලකරන ලද්දේ දෙමළ ජාතික සන්ධානය පමණි.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අසල වෙඩි තැබීමක

ස්විස්ටර්ලන්තය තානාපති නිල නිවස අසල රාජ්කාරියේ නිරත ගුවන් හමුදා නිලධාරියකු සිය රාජකාරිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්වී ඇත බව පොලිසියට පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙක් මා හමුවෙන්න එන්න එපා!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.

ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ  කටයුතු  කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා  ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

වෛද්‍ය සාෆීගේ බැංකු ගිණුම් හෙළි කලාට මුජබර් රහුමන් ගෙන් දැඩි විරෝධයක්

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබෙන වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතාගේ බැංකු ගිණුම් හෙළි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී මහජන බැංකුවට දැඩි විරෝධය පළ කළේය.

අධිකරණ නියෝගයකින් තොරව බැංකු ගිණුම් ප්‍රසිද්ධ වුණේ කෙසේ ද කියා මහජන බැංකුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවටද එම මන්ත්‍රීවරයා යෝජනා කළේය

තව්හිත් ජමාත්ට නීතිය නැව්ව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

මීට වසර දෙකහමාරකට පමණ පෙර තවුහිත් ජමාත් සංවිධානයේ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබියදීත් නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා නොකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනකු ගැන දැඩි සැකයක් මතුවී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (31) පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදයට එක්වෙමින් පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතාගේ පියා එච්.එම්.නවාවි මහතා බවත් ඔහු රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් බදුදීන් අමාත්‍යවරයාගේ වුවමනාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බවත් මෙය පියපුතු සම්බන්ධතාවය තව්හිත් ජමාත් සංවිධානයට නීතිමය පියවර ගැනීම හිතාමතාම ප්‍රමාද කර තිබෙන බවට සාධාරණ සැක මතුවන බවත් විමල් විරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අසාද් නවාවි, මලික් අසීස් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා එම ලිපිගොනු වල වගකීම බාරගෙන තිබෙන බවත් ඔවුන් හිතා මතාම මෙම ලිපිගොනු යටගැසීමට ක්‍රියා කළේ නම් ඔවුන්ට විරුද්ධව ගනු ලබන පියවර කුමක් ද කියා ප්‍රශ්න කරන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය මෙම නිලධාරීන්ගේ හා රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයා අතර තිබෙන සම්බන්ධය පැහැදිලි වන බවත් රිෂාද් බදුර්දීන් මහතා අන්තවාදී සංවිධානවලට දේශපාලන රැකවරණය ලබා දුන් බවට පැහැදිලි තොරතුරු වාර්තා වන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කුණු කන්ටේනර් වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ආනයනික කසල කන්ටේනර් වෙනස් ස්ථානයකට රැගෙන යාම සහ අපනයනය තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් අද දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නවීන් හා දිගම්බරම් ගැටෙති

වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරුන් අතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත ගැටුමක් ඇති වී ඇති බව වාර්තාවේ.

වතු කම්කරුවන්ට රජයෙන් වැඩිකළ රුපලියල් 50 දෛණික මුදල ලබාදීම සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේවන විට දෙවන වරටත් සාක්ෂි ලබාදෙමින් සිටී.

පාර්ලිමේන්තුව රැස් වේ, හදිසි නීති විවාදය ඇරඹේ. පාර්ලිමේන්තුවේ අලුත්ම තොරතුරු බලාපොරොත්තු වන්න

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ පළමු විශ්වාසභංගය තවමත් වලංගු ද?

කර්මාන්ත හා වාණිජ, සමුපකාර සංවර්ධන, දිගුකාලීනව අවතැන් පුද්ගලයින් යළි පදිංචි කිරීම, කෘෂි අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාට එරෙහිව මීට පෙර පාර්ලිමේන්තුවට භාර දුන් විශ්වාසභංග යෝජනාව තවමත් වලංගු ද කියා අද දින ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මහලේකම්වරයාගෙන් විමසා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දුන් විශ්වාසභංග යෝජනාව තවදුරටත් වලංගු නම් එය කඩිනමින් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ලෙසට පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ඉල්ලීමක් කරන බවද ඒ මහතා සඳහන් කළේය. එම විශ්වාසභංග යෝජනාව තවදුරටත් වලංගු නොමැතිනම් අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව අලුතෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.