නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන මහත්වරුන්ට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වේ.
අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ යන මහත්වරුන් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් දිගින් දිගටම ප්‍රකාශකර ඇත්තේ නව සන්ධානය බිහි කිරීමට පෙර ජනාධිපති අපේක්ෂක ධූරය නම් කලයුතු බවයි. එසේ නොකළහොත් දැඩි තීන්දු ගන්නා බව මේසයට ගසමින් සහ පොළොවේ අඩි හප්පමින් මෙම දෙදෙනා දිගින් දිගටම අග්‍රාමාත්‍යවරයාට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ.
නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සංශෝධන තිබේනම් ඉදිරිපත් කොට 05 වැනිදා නව සන්ධානය පිහිටුවිය හැකි බවයි. නමුත් ඊට ද අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ යන මහත්වරුන් දැඩි විරෝධය පළ කර ඇත. මෙහිදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම දෙදෙනාට දැඩි ලෙස අවවාද කොට ඇති බවද වාර්තා වේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී මෙම දෙදෙනා බල්ලන් සේ හැසිරී ඇති බවද වාර්තා වේ.
මෙම දෙදෙනාට අමාත්‍යධූර ද ලබාදිය යුතු නැති බවද මෙහිදී සාකච්ඡා වී තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
ReplyForward |