Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

local news

පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව පත් කිරීමේ බලය බැසිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් සටන අගෝස්තු එකොළොස් වැනිදා සිට ආරම්භ කිරීමටත් එම මැතිවරණ මෙහෙයුම් කමිටුව පත් කිරීමේ බලය හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමටත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම ඊයේ (30) රාත්‍රී පැවැත්වුණේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගෝස්තු එකොළොස් වැනිදා සිට ජනාධිපතිවරණ මෙහෙයුම් සටන දියත් වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව අංශ කිහිපයක් ආවරණය වන පරිදි අනුකමිටු කිහිපයකින්ද සමන්විත වන අතර මෙම මෙහෙයුම් කමිටුව නම් කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමට මෙහිදී තීරණය විය.

මෙම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ගේ හමුව පැවැත්වුණේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේදී මෛත්‍රීගේ විරෝධය

ඇමරිකාව සමග අත්සන් කිරීමට යන මිලේනියම් චැලෙන්ජස් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී විරෝධය පළ කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාදිය නොහැකි බවත් තමන්ට එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය ඇමරිකාවෙන් ලැබෙන ණයක් නොව මුළුමනින්ම ආධාරයක් වන බවයි. එම නිසා මේ අවස්ථාවේදී මෙම ගිවිසුම අත්සන් කිරීම කාලෝචිත බව ද මංගල සමරවීර මහතා විසින් පෙන්වා දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද මංගල සමරවීර අමාත්‍යවරයාට සහාය දක්වමින් අදහස් පළ කර ඇත. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුම යටතේ ලැබෙන ආධාර ඉතා වැදගත් වන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, මංගල සමරවීර මුදල් අමාත්‍ය වරයා කෙතරම් ඉල්ලීමක් කර ද එම යෝජනාවට අනුමැතිය ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී නොමැත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය ද තමාට ලිපියක් එවා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එම ගිවිසුම සම්බන්ධයෙන් සමාජය තුළ විශාල සංවාදයක් ගොඩ නැගී තිබෙන බවක් එක් පැත්තකින් මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වන බවත් පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ ගැන අධ්‍යයනය කිරීමට තමාට කාලයක් වශ්‍ය බවයි.

“අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත්කරලා” -විමල් වීරවංශ

පසුගිය 24 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් සමග ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් දෙදෙනකු හා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු පැය 02ක රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එමගින් පෙනී යන්නේ මේ පරගැති ආණ්ඩුව මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටා ගැනීමට හැකි රටක් බවට පත් කොට ඇති බවත් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි

ඊයේ (28) කුරුණෑගල නගර ශාලාවේදී පැවැති වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට එම ප්‍රහාරය සිදුව මාස තුනක් ඉක්ම ගොස් ඇතත් අවම සාධාරණය හෝ ඉටුකිරීමට මේ පාලනයට නොහැකි වී තිබෙනවා. සාධාරණය ඉටු වෙමින් ඇත්තේ වින්දිතයාට නොවෙයි ප්‍රහාරකයාටයි.

‘FBI වැලිසරට’

2019.07.24 වැනිදා උදේ 9.30ට වැලිසර නාවික හමුදා කඳවුරට FBI නියෝජිතයන් දෙදෙනකු පැමිණ තිබෙනවා. ක්‍රිස්ටියා වයිට් හිල් සහ මැතිව් ආර්. වොයිට්ස් යන නම් සඳහන් දෙදෙනකු තමයි මෙසේ පැමිණ ඇත්තේ. එම නාවික හමුදා කඳවුර ඉහත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිකුත් කළ ගැසට් නිවේදනයකින් වහාබ් ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තබන ස්ථානයක් බවට පත් කොට තිබෙනවා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කළේ එතැන සිටයි. ඉහත FBI නිලධාරීන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුර තුළට ගැනීමට නාවික හමුදා නිලධාරීන් කැමති වුණේ නැහැ. නමුත් වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාට ඉහළින් නියෝගයක් ලැබී තියෙනවා මේ අයව ඇතුළට ගන්න. ඒ අනුව ඇමෙරිකානු FBI නිලධාරීන් දෙදෙනා සමග මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු ද යනවා. අරුණ නැමති අයකු හා භාෂා පරිවර්තක ලෙස සංජය මයිල්වානගම් නැමති අයකු තමයි එසේ ගොස් ඇත්තේ. මේ රහසිගත සාකච්ඡාව මේ හතරදෙනා සහ මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවෝ අතරයි සිදු වූයේ. අපේ ආරක්ෂක අංශවල කිසිවකුටත් ඒ අසළට පැමිණීමට ඉඩ දී නැහැ. අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත් වී අවසානයි. පසුගියදා කටුනායක ගුවන් තොටුපළට නමක් නැති ගුවන් යානයක් පැමිණෙනවා. එයින් පැමිණි පිරිස රට තුළට එනවා. මේ කිසිවක් අද නීරික්‍ෂණය වන්නේ නැහැ.

‘වහාබ්වාදීන් අන්දන ඇඳුම’

මේ වහාබ්වාදය පැවැත්මට ආවේ මුස්ලිම් ජන සමාජය භේදබින්න කරමිනුයි. බලවත් මුස්ලිම් රාජ්‍යයන් දුර්වල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් වහාබ්වාදය යොදා ගත්තා. මේ රටේ ඉන්න සුපී මුස්ලිම්වරුන් ද මේ වහාබ්වාදයට විරුද්ධයි. ‘ඇහැ විතරක් පෙනෙන ඇඳුම් ඇඳපල්ලා’ කියා කාන්තාවන්ට බලපෑම් කරන්නේ මේ අන්තවාදීන් විසිනුයි. රිෂාද් බදියුදීන් තම බිරිඳ ඡන්දපොළට රැගෙන යන්නෙත් ඇහැ විතරක් පෙනෙන ඇඳුමක් අන්දවලා. ඒ විදියට ඇඳුම ඇතුළේ සිටියේ බිරිඳ ද වෙනත් කාන්තාවක් ද කියා කියන්නටවත් බැහැ.

‘ලැජ්ජා හිතෙන මතවාදයක්’

ඒ විතරක් නොවෙයි, ‘චිත්‍ර අඳින්න, සින්දු කියන්න බැහැ, පිළිම වන්දනාව බැහැ, සුසානභූමි හදන්න බැහැ, සොහොන්කොත් වන්දනාව බැහැ’යන ඒවා වහාබ්වාදයේ මූලධර්මයි. පසුගිය දිනයක අතාවුල්ලා හිටපු ඇමැතිවරයා සින්දුවක් මුමුණමින් සිටින විට මම කීවා ‘අපොයි සින්දු කියන්න එපා! මැරුම් කන්න වෙයි’ කියලා. එවිට එතුමා කියනවා ‘ලැජ්ජයිනෙ’ කියා. ඇත්තෙන්ම මේ අන්තවාදී මතවාදය මොළය කළඳක් හෝ තිබෙන මුස්ලිම් ජනතාව ලැජ්ජාවට පත් කරවන්නක්. ඒ කාලයේ මේ මතවාදය පැළ වෙලා තිබුණා නම් මොහිදින් බෙග් මාස්ටර්වත් මේ අය මරා දමනවා.

‘වහාබ් අන්තවාදීන්ට පාවාඩ එළීම’

මේ රටේ වහාබ් අන්තවාදය වැඩුණේ අරාබියේ ධනවත් රටවලින් පොම්ප කරපු සල්ලිවලින්. මේ දිනවල පාර්ලිමේන්තුවේ රැස්වන ‘කෝලම් කාරක සභාවට’ මහ බැංකු අධිපති සහ එතුමාගේ කාර්ය මණ්ඩලය කැඳවා තිබුණා. එහිදී ‘ශරියා විශ්වවිද්‍යාලයට කෝටි ගණනින් සල්ලි ආවා කියා ඔබලා දැන සිටියේ නැද්ද’ කියා ප්‍රශ්න කෙරුණා. ලැබුණු පිළිතුර ‘2017 දී විනිමය පාලන පනතට ගෙන ආ සංශෝධන නිසා දැන් මහ බැංකුවට රට තුළට පැමිණෙන මුදල් ගැන දැනගැනීමට විදියක් නැහැ’ යන්නයි. ඒ අනුව පැහැදිලියි මේ පරගැති ආණ්ඩුව මේ අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩ දුන් බව. සවුදියේ තෙල්වලින් උපයන අතිරික්ත ධනය මේ රට ඇතුළේ වහාබ් අන්තවාදය පතුරුවන්න යොදා ගත හැකි ආකාරයට පරිසරය හැදුවේ මේ ආණ්ඩුවයි. සහරාන්ලා ගැන ඔත්තු ලැබෙනකොට කනකට නොගෙන අහක බලාගෙන හිටියේ මේ ආණ්ඩුවයි. ඒ වගේම සහරාන්ලා සයින්දමරුදුවල බෝම්බ හදන්න උවමනා දේවල් ගොඩගහන බව සුපී මුස්ලිම්වරු කළ පැමිණිල්ල විභාගයට ගන්න හදපු පොලිස් ඕ.අයි.සී.වරයා මාරු කළෙත් මේ ආණ්ඩුවයි. මේක සහරාන්ලාගේම ආණ්ඩුවක්.

‘වහාබ් අන්තවාදයට අනුව නැටීම’

දැන් බලන්න තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාට ඇප ලබාදීමට පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ විරුද්ධ වන්නේ නැහැ. නමුත් බොරු චෝදනා යටතේ හිරේ දමාගෙන සිටින බුද්ධි අංශ රණවිරුවන්ට ඇප ලබාදීමට නීතිපතිත් පොලීසියත් විරුද්ධයි. මේවා සිදු වන්නේ ආණ්ඩුවේ ඉහළ නියෝග අනුව. මේ ආණ්ඩුව වහාබ් අන්තවාදයට අනුව නැටවෙන රූකඩ ආණ්ඩුවක්. ඒ නිසා වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් මේ පරගැති ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ.

‘හදිසි තත්වය හැදීම’

වහාබ් අන්තවාදය හිස ඔසවන්නේ මේ රට තමන්ගේ යුද තිප්පොළක් බවට පත් කරගැනීමේ ඇමරිකා එක්සත් ජනපද උපායමාර්ගයේම කොටසක් විදියටයි. ACSA ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදයට උවමනා ආකාරයට මේ ආණ්ඩුව අත්සන් කර දී අවසානයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එය පිටු 10ක ගිවිසුමක් බව පාර්ලිමේන්තුවට බොරු කීවාට පසුදිනයේ මා පිටු අසූතුනකින් සමන්විත ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළා. එහි ඇමුණුම් 50ක් පමණ ඇතුළත්. ‘හදිසි තත්ත්වයකදී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවිය හැකි’ බවට වගන්තියක් එහි ඇතුළත්. ඇමුණුම්වල ඇත්තේ ‘ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් කවර බලඇණිවලට, අනුඛණ්ඩවලට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ද?’ යන්නයි.

සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන්නේ එසේ ශ්‍රී ලංකාවට එන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට රැඳී සිටීමට අවශ්‍ය වාතාවරණය සකසා දීමටයි. වීසා නැතිව එන්න, බදු නැතිව ඉන්න, රේගු බදු නැතිව, පරීක්‍ෂා කිරීමකින් තොරව ඕනෑම දෙයක් රැගෙන එන්න, ලංකාවේ නීතියට යටත් නොවී ඉන්න ඉඩ හදලා දීමයි සෝෆා ගිවිසුමෙන් සිදු කිරීමට නියමිත.

‘හදිසි තත්ත්වය හදන වහාබ් අන්තවාදියා’

වේළුපිල්ලේ පිරබාහරන් හදපු ‘හදිසි තත්වය’ දැන් ඉවරයි. දැන් දෙමළ ජන සමාජයෙන් හදිසි තත්වය නිර්මාණය කරගන්න බැහැ. ගෙවී ගිය වසර 10 තුළ ඇමෙරිකන් ගැති ධනවත් අරාබි රටවල මැදිහත්වීමෙන් මේ රටේ වහාබ් අන්තවාදය හැදුවේ ඒ සඳහායි. දැන් ‘හදිසි තත්වයක්’ ශ්‍රී ලංකාව තුළ හදන්න ‘අන්‍යාගමිකයා මැරුවම ස්වර්ගයට යන්න පුළුවන්’ කියා හිතන මරාගෙන මැරෙන වහාබ් අන්තවාදියා ඉන්නවා. අප්‍රේල් 21 වැනිදා මේ හදිසි තත්වය හදන්නයි සහරාන්ලා මරාගෙන මැරුණේ. කතෝලික පල්ලි තෝරා ගත්තේ ලෝක අවධානය මේ කෙරෙහි වඩාත් යොමුකර ගන්නයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු මරාගැනිල්ල සිදු නොවූ නිසා ‘හදිසි තත්වයක්’ නිසි පරිදි ඇති වූයේ නැහැ. නමුත් ඉහත කී ආකාරයට FBI – CIA ඔත්තුකරුවෝ රටට රිංගන්නේ හදිසි තත්වයක පෙරනිමිති පෙන්වලයි.

‘ප්‍රසාද් කාරියවසම්’

දැන් බලන්න, හිටපු විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න විදිය. ඔහුගේ බිරිඳ සහ පුතා වසර 19ක් තිස්සේ ඇමරිකාවෙයි සිටින්නේ. ප්‍රසාද් කාරියවසම් සේවය කරන්නේ ඇමරිකාවටයි. එයාට පඩි ගෙවන්නේ ඇමරිකාවෙනුයි. ප්‍රසාද් කාරියවසම් සහ මංගල සමරවීර කියන ‘ඇමෙරිකන් කුක්කෝ දෙන්නා’ තමයි ‘ACSA ගිවිසුම අත්සන් කරන්න’ කියලා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට බල කළේ.

‘රිංගන සැලසුම’

මුලින් හදිසි තත්වයකදී ඇමරිකානු හමුදාවට එන්න පුළුවන් විදිහට ACSA ගිවිසුම හැදුවා. සහරාන්ලා මරාගෙන මැරිලා ‘හදිසි තත්ත්වය’ හැදුවා. ඉන්පසු රනිල් වික්‍රමසිංහ ගෝලීය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව කීවා. ප්‍රහාරයෙන් දින දෙකකට පසු ISIS නායකයා මේ ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. මේකයි මේ අයගේ ලංකාවට රිංගන සැලැස්ම වූයේ.

‘න්‍යාය පත්‍රය නියමෙටම…’

ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා. ‘ඉරාකයේ හුදකලා ප්‍රදේශයක් තුළයි ISIS නායකයා රඳවාගෙන ඉන්නේ’ කියලා. ඒ අනුව ISIS නායකයා ඉන්නෙත් ඇමෙරිකන් හමුදා කඳවුරක් ඇතුළෙයි. ඒ තමන් භාරයේ ඉන්න ISIS නායකයා ලවායි දින 02කට පසුව ’ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරය අපේ වැඩක්’ කියලා කියවාගන්නේ. ඉන් පසුවයි ‘මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්’ කියා හංවඩුව ගහන්නේ. එතැනින් එහාට ජාත්‍යන්තර සහාය උවමනා වෙනවා. FBI- CIA රිංගනවා. දැන් ලේක්හවුස් ආයතනයේ සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ අමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකු මාධ්‍යවේදිනියන් ලෙස වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇමෙරිකානු මැදිහත්වීම තිබෙනවා. මැතිවරණ කොමිසමේ පරිගණක අංශය භාරව ඇමෙරිකාවෙන් පඩි ලබන අයෙක් සේවය කරනවා. දැන් අමෙරිකානුවන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට උවමනා ලෙස මේ රට ක්‍රමක්‍රමයෙන් ග්‍රහණයට ගනිමින් සිටිනවා.

මහා නායක හිමිවරුන්ගේ, කාදිනල්තුමන්ගේ මැදිහත්වීම නිසා ඇමෙරිකාව බලාපොරොත්තු වුණු ‘මරාගැනිල්ල’ හරහා හදිසි තත්වය ඇති වුණේ නැහැ. නමුත් මතක තබා ගන්න සහරාන්ලා වැනි මෝඩයන් 07-08 දෙනකු හිටියොත් මේ ඇමෙරිකාවට අවශ්‍ය ‘මරාගැනිල්ල – හදිසි තත්වය’ ඇති කළ හැකියි. ඒ නිසා අවදානම තාමත් පහව ගිහින් නැහැ.

‘දියාගෝ ගාර්සියා අතහැර යන තැන’

ඇමෙරිකාව තමන්ගේ න්‍යාය පත්‍රය කෙසේ හෝ ක්‍රියාත්මක කරාවි. මීට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානියකු කියනවා ‘යුද උපායමාර්ගික වශයෙන් වැදගත්ම අංක 01, අංක 02, අංක 03, යන සියලු ස්ථානවලට වැටෙන්නේ පිහිටීම’ කියා. ශ්‍රී ලංකාව ඉතා වැදගත් හා මනරම් ස්ථානයක පිහිටා තිබෙනවා. මධ්‍යම ආසියාව, මධ්‍යම අප්‍රිකාව හා දකුණු ආසියාව යන කලාප තුනටම නාභිගත වී තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. දියාගෝ ගාර්සියා කඳවුර අතහැරලා ඇමෙරිකාව එන්න හිතන තැන ත්‍රිකුණාමලයයි.

‘පූර්ව කොන්දේසිය’

ඇමෙරිකානු උපායමාර්ගය පැරදවීමේ පූර්ව කොන්දේසිය තමයි ඉහත කී ‘මරාගෙන මැරෙන පිස්සා’ හදන වහාබ් අන්තවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය ඔළුවට ගියාම දොස්තර වුණත් වෙද නලාව දමා ගෙන ‘ගර්භාෂ යුද්ධය’ කරනවා. ඒ වගේම මේ වහාබ් අන්තවාදය අතුගා දමන්න බැහැ, ඊට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන මුස්ලිම් දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසුවුණු ආණ්ඩුවක් හදලා. ඒ නිසා ඒ වහාබ් අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසු නොවූ නව පාලනයක් අද මුළුමහත් ජාතියම ඉල්ලා සිටිනවා. ඒ නව පාලනතන්ත්‍රය බිහි කිරීමේ දිසාවට මේ රට රැගෙන යාමේ වගකීමයි අපේ උරමත පැටවී තිබෙන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

සතියකින් මෛත්‍රී රනිල් ගෙදර යැවීමට රතන හිමිට පාරට බසී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ පාලනය සතිය ඇතුළත ගෙදර යැවීම සඳහා තමන් හෙට සිට කුරුණෑගල ජනතාව සමග පාරට බැස වීදි සටන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

රිෂාඩ් බදුර්දීන් මහතා ගැන එල්ලවී තිබූ කිසිදු චෝදනාවක් සාධාරණ විභාග නොපවත්වා ඔහු ආරක්ෂා කරමින් ඔහුට අමාත්‍යධූරය ලබා දුන් ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යවන තුරු ජනතාව සමග එක් වී සටන් කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පෙන්වා දෙති. කිසිදු කොන්දක් නොමැති නායකයින් දෙදෙනාගේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුණහොත් සතියක් ඇතුළත මෙම ආණ්ඩුව පෙරළා දැමීමට ජනතාව සමග වීදි බසින බවත් පොලිසිය සහ හමුදාව ද සහාය ජනතා අරගලයට ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි ්ප්‍රකාශ කළහ.

අන්තවාදී සංවිධාන වල ක්‍රියාකාරිකයින් ට දේශපාලන රැකවරණය ලබාදීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී තිබෙන රිෂාඩ් බදුර්දීන් මහතා ට ළි අමාත්‍යධූරය ලබා දීමට ජනාධිපති හා අගමැති තීරණයට එරෙහිව මෙම අරගලය සිදුකරන බවද ාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

කොත්මලේ කුඩා තේ වතු හිමියන් 1000 ක් සදහා රුපියල් මිලියක 10ක්

කොත්මලේ තේ ඉඩම්වල ජල හා පාංශු සංරක්ෂනය වෙනුවෙන් වැවිලි සවිය ගමින් ගමට වැඩසටහන යටතේ කුඩා තේ වතු හිමියන් 1000 ක් සදහා රුපියල් මිලියක 10කට වැඩි වටිනාකමකාන් යුත් චෙක්පත් ප්‍රධානය කිරීමේ උත්සවයක් අද (29) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නියම්ගම්දොර පුරාන රජමහා විහාරයේදී පැවැත්විනි.

සජිත් ප්‍රේමදාසගේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලය දැඩි විරෝධය එල්ල කිරීම නිසා ඒය සම්මත නොවී ඇති බව වාර්තා වේ.

ඉදිරියේදී යාල ජාතික වනෝද්‍යානය මාසයක කාලයකට වසා දැමීමට නියමිත බැවින් එම තීරණය නොගෙන යාල ජාතික වනෝද්‍යානය එම කාලයේ විවෘත කර දෙන ලෙසට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යෝජනාවක් මගින් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇති පාඨලී චම්පික රණවක, ගාමිණී ජයවික්‍රම පෙරේරා අතුළු අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවන් සඳහා නිදහසේ ඔවුන්ට සිටීමට වනෝද්‍යානය වසා දැමිය යුතු බවයි.

සම්ප්‍රදායක් වශයෙන් අතීතයේ සිටම වසරකට මාසයක කාලයක් යාල වනෝද්‍යානය කරන බවයි. වියළි කාලගුණය ද මේ තත්ත්වයට බලපෑමක් වන බව අමාත්‍යවරුන් කිහිප දෙනකු ම පෙන්වා දී ඇත. නමුත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කාලයක් බැවින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙම මාසයක කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය වසා නොදමා විවෘත කර තැබිය යුතු බවයි. දිනකට ජීප් රථ හයසියයක් පමණ පැමිණ නිසා සත්තුන්ට බාධාවක් වගේම එය පරිසරයට ද දැඩි ලෙස බලපාන බැවින් කාලයකට හෝ යාල ජාතික වනෝද්‍යානය වසා දැමීම වඩා සුදුසු බව අනෙක් අමාත්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමගම යාල ජාතික වනෝද්‍යානය මාසයක කාලයකට වැසීමේ තීරණය වෙනස් වූයේ නැත.

නීතිපති දෙපාර්තමේන්තුවේ අශීෂ්ට එරෙහිව සුදත්ත හිමි කළ පැමිණිල්ල රහස් පොලිසියට

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතීඥ මලික් අසීස් මහතා ට එරෙහිව, මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ පැමිණිල්ලේ පරීක්ෂණ රහස් පොලීසියට යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

රන්ජන් රාමනායකට අධිකරණයෙන් අධිචෝදනා පත්‍ර

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළව ශේෂ්ඨාධිකරණය විසින් ඒ මහතාට චෝදනා පත්‍ර අද දින භාරදී තිබේ.

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් අසූ දෙකක් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

සයිටම් ආයතනයේ ෛද්‍ය උපාධිධාරීන් අසූ දෙදෙනෙකු ෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද දින නියෝග කළේය.

වෛද්‍ය සාෆී ට ඇප ලබා දීමට එරෙහිව කුරුණෑගල විරෝධතා

වෛද්‍ය සාෆි ශබ්දයෙන් මහතාට ඇප ලබා දීමට එරෙහිව කුරුණෑගල නගරයේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ප්රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

වෛද්‍යවරුන්, වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මව්වරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ච සිටින බවද වාර්තා වේ.