පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, අශෝක ප්‍රියන්ත, ආනන්ද අලුත්ගමගේ, යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඊට අදාළ ලිපි එම මන්ත්‍රීවරුන් පස් දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත. මේ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දීමට නියමිතයි. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම විනය කඩකිරීම විරුද්ධ පක්ෂ සමග එක් වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් අදාල මන්ත්‍රීවරුන් පක්ෂ නෙරපා ඇති බව එක්සත් ජාතික පක්ෂයෙන් වාර්තාවේ.
Be First to Comment