Press "Enter" to skip to content

Posts published by “Editor”

ගරු ජනාධිපති තුමනි ඉක්මනින් විසදුමක් ලබා දෙන්න🙏🙏🙏පළතුරු ඉදවීමට යොදන පිළිකාකාරක විස රසායන වර්ග 300ක් ලංකාවේ…

වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරුවන බවත් ඒ සම්න්ධව තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ අනුව කොළඹ පිටකොටුව මැනිං වෙළඳපොළෙන් වස විස සහිත පලතුරු ඉවත් කිරීමේ සටන ආරම්භ කළ බවත් එම වෙළඳ සමිතියේ ප්‍රධානීහු පැවසූහ.

“රෙඩ් ලේඩි” නමැති පැපොල් වර්ගය ඉදවීම සඳහා අනිවාර්යයෙන්ම මෙම විස යෙදීමට සිදුවී ඇති බව ද පිටරටින් ගෙන්වන යළි පැළ නොවන ඇට නැති දෙමුහුන් බීජ මෙරට ගොවීන්ට එය හඳුන්වා දීම නිසා මුළු රටම වදවීමක් වෙත යමින් සිටින බව ද ඔවුහු කියා සිටියහ.

කෙසෙල් ඉක්මණින් ම ඉදවීම සඳහා වෙළෙඳුන් මෙන් ම කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන ලෙස ද එම වෙළඳ ප්‍රජාව ඉල්ලා සිටියහ.

වස යෙදූ ඉදවන පලතුරුවලට කුහුඹුවෙක්වත් ළං නොවන බවත් එම පලතුරු සාමාන්‍ය පරිදි ඉදෙන පලතුරු වලට වඩා හොඳ පෙනුමකින් සමන්විත නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත හැකි බවත් ඔවුහු කීහ.

මේ වන විට පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග තුන්සියයක් පමණ රට තුළ ඇතැයි ද එහිදී හෙළි විය.

වස විස නැති පළතුරු හොයාගන්නේ කොහොමද?
ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.

මෙවැනි පලතුරු බොහෝමයක් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් දායාද කර ගනිමිනි.

විෂ රසායන යෙදූ පළතුරු අතර ඇපල්, දොඩම්, අඹ මෙන්ම කෙසෙල් ද බහුලව දැකිය හැකිය. මේවාට යොදන විෂ රසායන පිළිබඳවත් එහි ඇති අහිතකර තත්ත්ව පිළිබඳවත් ධූලකවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා දැක්වූ අදහස් මෙසේයි.

පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම දැන් බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යයට හානි කරයි.

චීනය විසින් පළමු වරට මෙම රසායනිකය ශාක වර්ධනයටත් පලතුරු ඉදවීම සඳහාත් භාවිතා කළා. වර්තමානයේ බොහෝ රටවල් වෙළඳාම පිණිස පලතුරු ඉදවීමට එතිෆෝන් භාවිතා කරනවා.

ජලයෙහි වහා දියවන සුදු එතිෆෝන් අවර්ණා ඝණ රසායනික ද්‍රව්‍යයක් වන අතර එය ජලයෙහි දියවූ පසු එතිලීන් (Ethyline) නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝන් වැරදි ආකාරයෙන් භාවිතා කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා.

මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන්, රසායනිකය අඩංගු පලතුරු, ආහාර, ශාක අනුභවයෙන් රසායනිකය ශරීරයට ඇතුල්වීම සිදු විය හැකිය.

පලතුරු සතුන්ගෙන් බේරා ගැනීමටත් , කල්තබා ගැනීමටත්, ඉක්මනින ඉදවා ගැනීමටත් සමහර කූට වෙළඳුන් රසායනික වර්ග වැරදි ආකාරයෙන් යොදා ගැනීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකියි.

▬▬▬▬ එතිෆෝන් යෙදූ පලතුරු වෙළඳපොලේදී හඳුනාගත හැකි ලක්ෂණ ▬▬▬▬

* ස්වභාවිකව ඉදුණු පලතුරක ඇති සුමට, කැලැල් සහිත බව මෙන්ම සමහර අවස්ථාවල කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් ආක්‍රමණය කළ ලක්ෂණ නොතිබීම.

* මතුපිට ඒකාකාරීව ඉදුණු, මතුපිට වල නොගැසුණු, රැලි නොගැසුණු, දිලිසෙන සුලු පිට පොත්තක් තිබීම.

* පිට පොත්ත තද කහ පැහැවීම සහ කපා බැලූවිට ඇතුළත ඉදී නොමැති අමු කොළ පැහැයකින් යුක්ත වීම හෝ පොත්ත ආශි‍්‍රත ඇතුළත ප්‍රදේශය පමණක් කහ පැහැ ගැන්වී තිබීම.

* පලතුරුවල කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම.

* සාමාන්‍ය පලතුරක් තුළ ඇති පලතුරු යුෂ (Juicy)නොමැති වීම.

* පලතුරුවලින් කෘත්‍රිම සුවඳක් සහ රසයක් දැනීම.

මෙවැනි පලතුරු අනුභවය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන

සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.

▬▬▬▬ අවදානම් තත්ත්ව වළක්වා ගැනීම සඳහා ▬▬▬▬

* විෂ රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර, පලතුරු පිළිබඳව දැනුවත් වීම.

* පලතුරු ගෙවත්තේම වගාකර ගැනීම.

* පලතුරු මිලදී ගැනීමේදී කුඩා පරිමාණ ගෙවතුවලින් විශ්වාසදායක ස්ථානවලින් පමණක් මිලදී ගැනීම.

* විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද දැකිය හැකිය. එවැනි පලතුරු ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටලු රැසකට මඟ පාදා ගැනීමක් වෙනවා.

▬▬▬▬ දිගුකාලීන සංකූලතා ▬▬▬▬

* මතකය හීනවීම loss of Memory

* අපස්මාරය Fits

* මුඛයේ තුවාල Oral Vlcers

* සමෙහි තුවාල Skin rashes

* වකුගඩු ආබාධ

* පිළිකා අවදානම (බඩවැල ආශ්‍රිත )

මෙවැනි අවදානම් තත්ත්ව නිසා වෙළඳපොලේ පවතින පලතුරු වර්ග මිලදීගැනීමේදී වැඩි අවදානමකින් සිටිය යුතුය.

▬▬▬▬ කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු ▬▬▬▬

හිසරදය නින්ද නොයෑම

චම්පිකගේ තවත් වැඩක් අකර්මන්‍යයි

මහනගර හා බස්නාහිර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී විවෘත කරන ලද මුහුදුවැලි සොදා ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාව මේ වනවිට අකර්මන්‍ය වී ඇත.

ඒ අදාල ව්‍යාපෘතියට ආනයනය කරන ලද යන්ත්‍රසුත්‍ර ක්‍රියාකිරී තත්වයේ නොතිබීම හේතුවෙනි. ‍කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතියෙන් මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමය පසුගිය දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

පකිස්ථාන විදේශ ඇමති හෙට දිවයිනට

පකිස්ථාන විදේශ අමාත්‍ය මක්දුම් ෂා මහමුද් කුරේෂි හෙට දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

දින දෙකක සංචාරයක් සදහා පැමිණෙන ඔහු අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද හමුවීමට නියමිතය.

උතුර නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණයට රජයේ අවධානය

උතුර නැගෙනහිර ඇති පුරා වස්තු විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද මහනුවරදී ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළහ.

වයඹ ආණ්ඩුකාර මුසම්මිල් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද ඒ.ජේ.ඒ.මුසම්මිල් මහතා මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් භාවිතා කළ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවස භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බරපතල ගැටඵ රැසක් මතුව ඇතැයි වාර්තාවේ.

තම කටයුතු සඳහා වයඹ ආණ්ඩුකාර කාර්යාලය ⁣සහ නිල නිවෙස වෙනුවට කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිල නිවස ලබාදෙන ලෙස මුසම්මිල් මහතා වයඹ පළාත් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

මාලිගාව නමින් ප්‍රකට වයඹ පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉපැරැණි දෙමහල් ගොඩනැගිල්ල මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් සියඵම දෙනා තම කාර්යාලය ලෙස භාවිතා කළද ආණ්ඩුකාර කාර්යාල භූමියේ කොටසක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් පිහිටා තිබීම සහ ඒ ආසන්නයේම දළදා වහන්සේ වැඩසිටි ඉපැරැණි දළදා මාලිගාවේ නටබුන් පිහිටා තිබීමත් හේතුවෙන් මුසම්මිල් මහතා පැරැණි ආණ්ඩුකාර කාර්යාලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය .

එසේම මෙතෙක් වයඹට පත්වූ සෑම ආණ්ඩුකාරවරයෙකුම භාවිතා කළ කුරුණෑගල වැව රවුමේ පිහිටි මෑතකදී නවීකරණය කරන ලද ආණ්ඩුකාර නිල නිවසද පැරැණි එකක් බව පවසා එය භාවිතයට ගැනීම නව ආණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඔබේ ස්මාර්ටි ෆෝන් එකේ , ඒ පුංචි එවුන්ගේ කදුලු තිබේ ! ========================================

කො‍‍බොල්ටි නැමති ඛනිඡය විදුලිබලයෙන් දුවන මොටර්රථ, ඡංගම දුරකතන සහ ලැප්ටොප් පරිඝනක වලට අවශ්‍ය බැටිරි සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මෙය බහුල ලෙස කියුබාවෙි තිබුණද එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ වෙළද තහංචි අනුව ඒවා එරටට අපනයන කළ නොහැක. ලෝකයේ මෙම ඛණිඡය බහුල ලෙස රුසියාවෙි කැනඩාවෙි සහ ඔස්ට්‍රෙිලියාවෙි තිබුණද ඒවයේ මිල අධිකය. එහෙත් අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ රාඡ්‍යයේ කොබෝල්ටි ඛනිඡය මිල බොහෝ සෙයින් පහළය. එබැවින් ලෝකයට අවශ්‍ය කොබෝලට් ඛනිඡයයෙන් 60 ක් නිස්සාරණය කරන්නේ කොංගෝවෙිය.මෙහි ප්‍රධාන ගැණුමි කරුවන් වන්‍‍නේ ඇපල් සහ සැම්සුන් නැමති බහුජාතික සමාගම් දෙකය ඔවුහු ඉන් ඩොලර් බිලියන ගණනින් උපයති . එහෙත් ඒවා මඩ කාගෙන දෝනා හරහා දුෂ්කර ගමණක යෙදෙමින් පොලොවෙන් උඩට ගන්නා මිනිසුන්ට දවසක ලැබෙන්නේ ඩොලර් දෙකකි නැත්නමි ඩොලර් 3 කි. ඉනුත් කොංගෝව පුරා ඇති මෙම කොබෝල්ටි පතල්වල වැඩකරන ශ්‍රම බලකායෙන් හතලිස් දහසක්ම කුඩා දරුවන් බව ඡාත්‍යණ්තර යුනිසෙෆ් ආයතනය අවධාරණය කරයි.මෙම දුප්පත් දරුවන් වයස අවුරුදු පහේ සිට දහය දොලහ වයස් කාණඩ දක්වා දිගුවන අතර ඔවුනට ලැබෙන්නේ එදිනෙදා වෙිල පිරිමහ ගත හැකි ආහාරයක් සදහා වන මුදලිකි. අත්‍යන්තයෙන්ම ඔවුහු මහා සූරාකෑමක ගොදුරුය., ඔබද ඒ සූරාකෑමට ඈතින් සිට සහාය දේ ඒ කෙසේද යත් ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ මධ්‍යම අප්‍රිකානු රටේ ළමයින් විසින් හෑරූ කොබෝල්ට් සහිත බැටරියක් අඩංගු වේ.
දිනකට පැය 12 ක් වැඩකරන මෙි දරුවන් දිනපතා ඔවුන්ගේ ලපටි සිරුරුවලට ඔරොත්තු දිය නොහැකි තරමි වෙිදනාවන්ගෙන් පෙළෙති.
ආරක්ෂිත උපකරණ නොමැති පතල් කම්කරුවන් විසින් පතල් උමං හාරනු අතර උමං මාර්ග සඳහා ආධාරක නොමැතිව ඒවා වර්ෂාවේදී කඩා වැටෙි.කොබෝල්ට් පතල් කැණීමෙන් ළමුන් කී දෙනෙකු මියගොස් ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුව එය වසරකට 80 ක් යැයි සටහන් නමුත් තවත් බොහෝ මරණ ලියාපදිංචි නොවී ඇති අතර,දරැවන්ගේ කුඩා සිරුරැ කඩා වැටුණු උමං වල සුන්බුන් අතර තැන්පත් කර ඇත.පතල්වල අවුරුදු දහයක් තරම් ගැහැනු ළමයින් ලිංගික අතවරයන්ට ලක්වන අතර වයසින් වැඩි දැරියවන් බොහෝ දෙනෙක් ගැබ් ගනී.අඩු වයස්වල ළමයින් වහල්භාවයට පත් කිරීම තහනම් කරන DRC නීතියක් ඇතත් කොංගෝවෙි එය බලාත්මක නොකරයි.
වහල් තත්වයන් ලෙස පමණක් හැඳින්විය මෙම පතල්වල දිනපතා පිරිමින්, කාන්තාවන් සහ ළමයින් වැඩකරත් නිල නොවන, නියාමනය නොකළ, පාලනය නොකළ මෙවැනි පතල් කොංගෝව පුරා දහස් ගණනක් ඇත
‍මෙි කුඩා දරුවන්ට ආරක්ෂක මුකවාඩමක් හෝ නොමැත.ඔවුන්ගෙන් කිසිවෙකුට අත්වැසුම් පවා නැත, නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොබෝල්ට් වලට නිරාවරණය වීම සහ එහි දූවිලි දුම ආශ්වාස කිරීම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවයි.කොංගෝ ආණ්ඩුවලට මෙකී පතල් වල වැඩ කරන්නේ වයස අවුරුදු 5 ක ගැහැණු ළමයෙක්ද පිරිමිළමයෙක්ද, ඔවුන් පාසල් නොයන්නේ ඇයි, ඔවුන්ට පතල් කර්මාන්තය නිසා ඇතිවි ඇති අතුරු ආබාධ මොනවාද යන්න ගැන සතපහකට වැඩක් නැති දේවල්ය.ඔවුන්ට කොබෝල්ට් පැමිණෙන්නේ කොහෙන්ද හෝ එය නිස්සාරණය කිරීමට වැඩ කළේ කවුරුන්ද යන්න පිළිබඳව ද වැදගත් නැත – ඔවුන්ට අවශ්‍ය කොබෝල්ටි ඛනිඡයට හොඳම මිල පමණි..

2040 සිට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ විකිණීම තහනම් කර විදුලි වාහනවලට මාරුවීමට බ්‍රිතාන්‍යය දුන් ඓතිහාසික පොරොන්දුවෙන් පසුව තවත් දහස් ගණනක් අසරණ දරුවන් මෙම දෛනික පැවැත්මට ඇදගෙන වැටෙණු ඇත..

යාචකයින් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ… බොරු පැල කරන්නේද ඊට එරෙහිව කෑ මොර දෙන්නේ ද එකම පිරිසක් – විමල් කියයි

කොළඹ හා බස්නාහිර පළාතේ නගරාශ්‍රිතව සිටින යාචකයින් ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසයි. සමහරු මත පළ කරනුයේ එවැන්නක් මේ වන විට සිදු වී ඇතැයි යන නිගමනය මත පිහිටාය . බොරුව පැළ කර ඒ බොරුවට එරෙහිව කෑ මොර දෙන්නේද එකම පිරිසක් බව ඔහු එමගින් පවසා ඇත. ස්වීට්සර්ලන්ත තානාපති කාර්‍යාල නාටකය ද එවැන්නක් බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පවසා ඇත.

ඔහු තම ෆෙස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින්

හිටපු ඇමතින් රැසක් නිල වාහන ළඟ තියාගෙන

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ විශාල පිරිසක් තවමත් නිල වාහන අදාල අමාත්‍යාංශ වෙත භාරදී නැතැයි රජයේ ආංචිමාර්ග සඳහන් කරයි.

අලුතින් පත්වූ ඇමතිවරුන් රැසකට මේ තත්වය නිසා නිල වාහන ලබාදෙන්නට නොහැකිවී ඇති බවද එම ආංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරුන් පමණක් නොව හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනෙකු ද සිය නිල වාහන අමාත්‍යාංශ වෙත තවමත් භාරදී නැති බව වාර්තා වේ.

බස් – ලොරි ගැටුමෙන් 10 කට තුවාල

බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගිි ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ  ලොරි රථයක්  එකිනෙක ගැටුමෙන් අද (30) සවස ඇති වු අනතුරකින් 10 දෙනෙකු  තුවාල ලබා  බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල කරුවන් අතර ලොරි රථයේ  රියැදුරුද සිටියි. රත්නපුර සිට බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ  පෞද්ගලික බස්රථයක් සහ බලන්ගොඩ දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් එකිනෙකට  ගැටිමෙන්  අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය පරික්ෂණ පවත්වයි.

උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් 25ම කේන්ද්‍ර කරගනිමින් ලබන ජනවාරි 15 වැනිදා දක්වා එම වැටලීම් ක්‍රියාත්මක බවයි.

ඒ, අනුව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය යළි ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර නිෂ්පාදනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.