Press "Enter" to skip to content

Posts published by “Kubiya2”

රාසමානික්කම්ලාට බයේ ආණ්ඩුව බුද්ධපුත්‍රයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි… දිවුලපොතානට ඇතුළුවීම තහනම්!

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ පිරිසක් අද දින දිවුලපොතාන ග්‍රාමයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ආහාර තොගයක් රැගෙන දුක සැප විමසීමට ගොස් තිබේ.

 

එහෙත් උන්වහන්සේට ග්‍රාමයට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බවට පොලිසිය විසින් තහනමක් පනවා ඇති අතර, එම ජනතාව ගමෙන් පිටත ස්ථානයකට කැඳවා රැස්කර දීමට පමණක් එකඟවී ඇත.

 

ඒ පිළිබඳව අදහස් දක්වන සමාජ ක්‍රියාකාරිකයන් සඳහන් කරන්නේ රාසමානික්කම්ලාගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් පොලිසියට ලබාදී ඇති නියෝගය නිසා පොලිසියට කරන්නට දෙයක් නොමැති බවය.

 

 

මෙරටට පැනවූ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ඉල්ලීම සිදුකර ඇත්තේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (10) මෙරටට පැනවූ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ඉල්ලීම සිදුකර ඇත්තේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවට සුප්‍රසිද්ධ cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

 

එමෙන්ම ICC මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට අවසර දී ඇති බැවින් අහමදාබාද්හි පැවැත්වෙන ICC රැස්වීම් සඳහා ශම්මි සිල්වාද සහභාගී වීමට ඉඩ ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

 

දැනට ඉන්දියාවේ සිටින සහ සිකුරාදා රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තේරී පත් වූ නියෝජිතයා ලෙස ICC විසින් දිගටම පිළිගන්නා බවත් එම වෙඩ් අඩවිය වාර්තා කරනවා.

 

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද රැස්වූ කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

 

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව හුවා දක්වමින්.

 

කෙසේ වෙතත් අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කර දැනුම්දෙන බවයි ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන්.

සබැදි පුවත්

https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215

 

 

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කරයි

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා.

ලබන මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙනවා.

Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් අක්‍රීය කිරීමක් සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මෑතකදී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බවයි Google සමාගම විසින් වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.

 

 

ටයිටැනික් නැවේ මෙනු පත වෙන්දේසියට

ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංති​යේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය.

 

වෙන්දේසිකරු වන්නේ ඇන්ඩෲ ඕල්ඩ්රිච් ය. ඔහුට මෙම මෙනුපත ලැබී ඇත්තේ කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් මාර්ගයෙනි.

 

මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බව පැවැසෙයි.

 

විදෙස් මාධ්‍ය අනුව, 2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර තිබේ. මෙනුපත තිබී ඇත්තේ එම බඩු බාහිරාදිය අතරේය.

 

ටයිටැනික් නැවේ ඛේදවාචකය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදාය. ගිල්ලන්න බැරි යැයි පැවැසුණු නැව අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක් වී ගිලී ගියේ 1500 ක් බිලි ගනිමිනි.

 

 

 

ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක් – තේරීම් කමිටු සභාපති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10දා) අලුයම පැවසීය .

 

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු මෙම අදහස් දැක්වූයේ දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

පරණ ක්‍රිකට් සංගම් විසුරුවයි

අවුරුදු විසි ගාණක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වන ලංකාවේ සියලු ක්‍රිකට් සංගම් විසුරුවා හැර ඡන්දයක් අලුතින් පවත්වා ක්‍රිකට් ප්‍රතිසංවිධාන කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

 

පළාත් නවයෙන් නව දෙනකුට අමතරව තව තිදෙනකු පත්කරන බවත් ඒ අවස්ථාවේදී ක්‍රීඩකයන්ගෙන් අයකු ද විනිසුරුවරුන්ගෙන් අයකු ද පුහුණුකරුවන්ගෙන් අයකු ද වශයෙන් 12ක් තෝරා ගන්නා බවත් බවත් අමාත්‍යවරයා කීවේය.

 

මේ 12 පත් කරන විට පහළ මට්ටම ගැන බැලිය යුතු වන බව පැවසූ රොෂාන් රණසිංහ මහතා කොළඹින් ඡන්දය ඉල්ලා දිනිය හැකි වුවත් ක්‍රිකට් ඡන්දයට පැමිණ දිනිය නොහැකි බවට මුත්තයියා මුරලිදරන්ද පවසන හෙයින් ලංකාවේම සංගම් මෙලෙස විසුරුවා හරින බවද ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.

 

ක්‍රිකට් ගැටලුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කිරීමට පෞද්ගලික නීතිඥවරුන් සම්බන්ධ කර ගන්නා බවද ප්‍රකාශ කළේය.

 

 

කෝටියක අල්ලස් ගද්දී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

 

 

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් … ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

 

ICC මණ්ඩලය අද (10) රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට්, ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.

 

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.

 

 

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දිය යුතු බවයි.

 

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සමගාමීව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

 

මේ අතර හෙට දිනයේදී ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධානය කර තිබෙනවා.

 

 

 

ගෝඨාභයගේ සහ රනිල්ගේ පාලනය යටතේ සීනි බදු වංචාවේ වෙනස කුමක්ද? ජාතික සංවිධාන පැහැදිලි කරයි

මීට පෙර ගෝඨාභය පාලනය යටතේ රුපියල් මිලියන 15000 එක සීනි බදු වංචාවක් සිදු වූ බවට ඒ විගණකාධිපතිටත්  පෙර පළමුව ගණන් හිලව් ඇතිව හෙළිදරව් සිදු කරනු ලැබුවේ ජාතික සංවිධාන විසිනි. මෙවර නැවත වටයකින් සීනි බදු වංචාවක් පිළිබඳ එල්ල වන චෝදනා පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ මතය ඔහුගේ වචනයෙන්

 

‘‘සීනි බදු වංචාවට මුල් වන පුද්ගලයා පළමුවෙන් මේ සඳහා පාර කපාගන්නේ වියත්මග මහ සමුළුවට හෝටලයේ ශාලාව නොමිලේ දීලා. ඒ මගින් ඔවුන් ලබාගත් ලාභය රුපියල් මිලියන15000ක් ඉන්පසු ඔහු ගෝඨාභය එලවන්න ගෝල්පේස් අරගලකරුවන්ට දිනපතා බුරියානි සහ හොටෙල් කාමර දුන්නා. දැන් ඒකට කෙළෙහිගුණ සලකන්න රනිල් වික්‍රමසිංහ මහතා නැවත බදු වංචාවකට ඉඩ සලසා දුන්නා. ඒ මගින් ඔහුට ලැබෙන ලාභය මිලියන 1100ක්  ගෝඨාභය කාලේ සීනි නැව් මුහුදෙ තියෙනකොට බද්ද රුපියල් 50 සිට සත 25 ට අඩු කළා. ඒ සහනය මහජනයාට නොදී ලබා ගැනීම මගින් තමයි මිලියන 15000 ක බදු වංචාව කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කළේ සත 25 ක බද්ද ට සීනි මෙට්‍රික් ටොන් 22000ක්  රට තුළටආනයනය කළාට පසුව බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමයි. එවිට වෙළෙන්දෝ බද්ද එකතු කරල මිල නියම කරලා ලාභය ගන්නවා ආණ්ඩුවට ආදායමක් නැහැ.“