Press "Enter" to skip to content

අලි බෙට්ටෙන් බිහිවන අලි ඇතුන්

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.

 

ඔහු විසින් නිර්මාණය කරනු ලබන අලි ඇතුන්ගේ නිර්මාණ සඳහා මේ වන විට පේටන්ට් බලපත්‍රය ද ලබාගෙන සිටියි.

 

අලි වසුරු එකතු කොට හොඳින් වේළා තම්බා ගැනීමෙන් අනතුරුව දේශීය වශයෙන් යොදාගනු ලබන අමුද්‍රව්‍ය කීපයක් එකතු කොට එය පල්ප් ආකාරයට සකසා ගැනීමෙන් අනතුරුව මෙම අලංකාර අලි ඇතුන්ගේ නිර්මාණ බිහි කරන බව ඒ මහතා පවසයි.

 

ඓතිහාසික ඇසළ පෙරහරේ සධාතුක කරඬුව දීර්ඝ කාලයක් වඩම්මවමින් ලෝකවාසී බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ රාජා ඇතාගේ රනුරූ මෙන්ම දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන් රාජා, යන ඇතුන්ගේ ද මෑතකදී මෙරට ඉතාමත් ගෞරවාදරයට පත්වූ නැදුම්ගමුවේ රාජා හස්තියාගේ අනුරූ ද  ඒ අතර තිබෙන බව පවසන ජයසුන්දර මහතා යාල වනයේ අර්ජුන හස්තියාගේ අනුරුවක් ද ඒ අතර තිබෙන බව පවසයි.

 

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *