Press "Enter" to skip to content

නැන්දම්මාට පහර දුන් උපාධි ගුරුවරියගේ ඇත්ත කතාව මෙන්න…වීඩියෝ කළේ දරුවන් දෙදෙනා

පිහියක් ද අතැතිව සිය නැන්දම්මාට දරුණු ලෙස පහර දෙන උපාධිධාරී ගුරුවරියක් අන්තර්ජාල වීඩියෝවකට අනුව ගම්පොළ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව, ගම්පොළ දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ලලිත් වීරසිංහ ඇයට දැඩි ලෙස අවවාද කොට රුපියල් පන්දහසක ශරීර ඇපයක් නියම කළේය.

 

ගම්පොළ නගරයට ආසන්න පාසලක සේවය කරන මෙම ගුරුවරිය නැන්දම්මාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන අතර ඒ පිළිබඳ ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරිය පෙරේදා (10 වැනිදා) දින අත්අඩංගුවට ගනු ලැබීය.

 

නැන්දම්මා විසින් ලබා දුන් කටඋත්තරයට අනුව ඉඳිආප්ප කෑමට ව්‍යාංජන ගත්තැයි උරණ වූ ලේලිය තමාට පිහියකින් හා අතින් පයින් දරුණු ලෙස පහර දුන්නැයි සඳහන් කොට තිබේ. වසර පහළොවකට අධික කාලයක සිට ලේලිය නැන්දම්මා සමග ආරවුලක් තිබී ඇත. ඇයට අවුරුදු 10 හා 09ක දරු දෙදෙනකු ද සිටින අතර ඇගේ සැමියා රාජ්‍ය සේවකයකු ද වේ.

 

බිරිඳ ඔහුගේ මවට මෙසේ නිතර නිතර හිරිහැර කිරීම පිළිබඳව දැන ගැනීම නිසා ඔහු තම දරු දෙදෙනාට පවසා ඇත්තේ අත්තම්මාට පහර දෙන විට එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තමාට දෙන ලෙසයි.

 

ඒ අනුව කුඩා දරුවන් සිය මව අත්තම්මාට පහර දුන් අවස්ථාවක දී එය වීඩියෝ කර ඇති අතර පහර කෑ නැන්දණියගේ තවත් දියණියක් එය ලබා ගෙන මෙසේ සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

 

ඒ සමග එය වේගයෙන් සමාජය පුරා පැතිරයාමත් සමග ගම්පොළ පොලිසිය විමර්ශනය කර මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *