Press "Enter" to skip to content

ලෝකය සහ ශ්‍රී ලංකාව

👉 යුරෝපා රටවල කොරෝනා රෝගියො 1000 පනිනනකම් පාසල් නිවාඩු දෙන්නෙ නෑ. ලංකාවෙ රෝගීන් 10 වාර්තා වෙනකොට පෙරපාසල්, පාසල් විශ්වවිද්‍යාල සියල්ල නිවාඩු දෙනවා.

👉 දියුණු යැයි සම්මත රටවල් සැකසහිත රෝගීන්ට නිවාස තුල ඉන්න උපදෙස් දෙනකොට ශ්‍රී ලංකාව සියලු සැකසහිත රෝගීන් ඉතා ඉක්මනින් රෝහල් කරා යොමුකරනවා.

👉 වෙනත් රටවල් නිරෝධායනය සඳහා මුදල් අය කරනකොට අපි සියලු දෙනාම නොමිලේ නිරෝධායනයට ලක් කරනවා. සියලු පහසුකම් ලබා දෙනවා.

👉 බොහොම පුංචි ආර්ථිකයක් තියාගෙනත් දින කීපයකින් රෝහල් වැඩිදියුණු කරනවා. අලුත් රෝහල් හදනවා.

👉 රෝග වාර්තා ලැබෙන්න වෙන රටවල දින ගනන් යද්දී අපේ රෝහල් පැය 6න් වාර්තාව දෙනවා.

👉 ව්‍යාපාරිකයෝ ධනවතුන් තමන්ගේ හෝටල් ජාලා රජයට ලබාදෙනවා නිරෝධායන මධ්‍යස්ථාන විදිහට භාවිත කරන්න

👉 රෝගීන් ඇසුරු කල සියලු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනවා. ඒ පිලිබඳ සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් කරනවා.

👉 පලා යන සැක කටයුතු පුද්ගලයන් හොයන්න බුද්ධි අංශ යොදවනවා. මුලු ආරක්ෂක හමුදාවම කොරෝනා මර්ධන වැඩසටහනට දායක වෙනවා.

👉 වෛරසයේ ව්‍යාප්තිය වලක්වන්න රටටම ඇඳිරි නීතිය යොදවනවා. ඒත් අත්‍යවශ්‍ය සේවා දිවා රෑ නොබලා වැඩ. ජනාධිපතිතුමා සමස්ථ යාන්ත්‍රණයම ලස්සනට මෙහෙයවනවා.

දැවැන්ත ආර්ථිකයන් තියන දියුණු රටවල් වෛරසය හමුවේ කඩාවැටෙද්දී මේ පුංචි රට රෝගයට එරෙහිව දක්ෂ විදිහට සටන් කරනවා. ලෝකෙට ආදර්ශයක් දෙමින්. අපේ පැරණි ආහාර රටාව, වෙදකම තිබුනා නම් අපට සමහර විට ලෝකයම බේරගන්න හැකියාවක් තිබුනු බව නිසැකයි.

අද අපට තියන ලොකුම අඩුපාඩුව මිනිසුන්ගේ විනයක් නොමැති වීමයි. එදා අපේ සමාජයේ තිබුනු සාමූහිකත්වය, ස්වයං විනය අදත් තිබුනා නම් කෙතරම් වටිනවා ද ? ජනතා සහය හරියට ලැබෙනවා නම් රෝගය පරාජය කිරීම අපට පහසු දෙයක්.

එසේම විදේශගත වෙලා ඉන්න අතරේ තමන්ගේ රටට “ලකේ පංකාව” කියලා අපහාස කරපු මිනිස්සුන්ට ජීවිතේ බේරගන්න නැවත ලංකාවට ම එන්න සිද්ධ වෙලා තිබීම දෛවයේ සරදමක්.

Sambhavya S Prathibhanath

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *