Press "Enter" to skip to content

අමෙරිකානු රාජ්‍ය ලේකම් සංචාරයේ

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සංචාරයක් සඳහා ඇෆ්ගනිස්ථානය වෙත පැමිණ තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පවතින දේශපාලන අර්බුදය, තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකලාපය සහ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.

මෙම සංචාරය තුළදී මයික් පොම්පියෝ, ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි හමුවීමට නියමිතව තිබේ.

තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථාන රජය විසින් සිය සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමෙන් දිනකට පසුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වීම විශේෂත්වයක් වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *