Press "Enter" to skip to content

ඉන්දියාවේ ඔක්සිජන් අලෙවි කරයි

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක වායු දුෂණය අන්තරයාකාරී මට්ටමට ළඟා වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇත.

ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ. 

එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකියි. 

විනාඩි 15ක කාලයක් සඳහා ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04 ක පමණ මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ. 

එම මුදල බොහෝ පිරිසකට ගෙවා ගත නොහැකිවන අතර ඔක්සිජන් වායුව සැපයීම වායු දුෂණයට පිලියමක් නොවන බව විශේෂඥයින් පවසයි. 

වායු දුෂණය හේතුවෙන් ප්‍රදේශ රැසක පාසල් වසා දැමීම, ඉදිකිරීම් නැවතීම සහ රථවාහන ධාවනය කිරීම සීමා කිරීම සිදුකර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *