Press "Enter" to skip to content

ඉන්දියාව, චන්ද්‍රයාන් 2 සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි

තාක්ෂණික දෝශයක් හේතුවෙන් කල් දමා තිබූ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ ගත කිරීම, පසුගිය (22) සාර්ථකව සිදුකර තිබේ.

සඳ මතුපිට ඇති ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය සම්බන්ධ දත්ත රැස් කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් මිලියන 150ක වියදමින් චන්ද්‍රයාන් 2 මෙහෙයුම ඉන්දියාව ආරම්භ කළ අතර පසුගිය 15 වැනිදා මෙහෙයුමට අදාල චන්ද්‍රිකාව  අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබිණි. ගුවන් ගත කිරීමට පැයකට පමණ පෙර හඳුනාගත් තාක්ෂණික දෝශයක් හේතුවෙන් මෙහෙයුම තාවකාලිකව නවතා දැමූ අතර එය නිවරදි කිරීමෙන් පසු සාර්ථකව චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව සමත් විය.

චන්ද්‍රයාන් 2 චන්ද්‍රිකාව ටොන් 640ක් බර දැවැන්ත රොකට්ටුවක් මගින් පෘථිවි කක්ෂයට යොමුකළ අතර දින 23ක ගුවන් ගමනකින් පසු චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළුවීමට සැළසුම් කර ඇත.

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගගන මධ්‍යස්ථානයේ සිට අද පස්වරුවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ ගතකර ඇත.

මෙම සඳ මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මතට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ 4 වන රට ලෙස ඉන්දියාව ඉතිහාස ගතවීමට ද නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *