Press "Enter" to skip to content

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන 2ක්

කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත.

එහෙත් ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි.

භූකම්පන දෙකේම අපිකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

භූමිකම්පා හටගත් අවස්ථාව දැක්වෙන වීඩියෝපට කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

නත්තල් උදාවට මොහොතකට පෙර හටගත් භූකම්පන හටගැනීමත් සමග භීතියට පත්වූ ජනතාව නිවෙස් වලින් ඉවතට දිවගොස් තිබුණි.

කෙසේ නමුත් භූ කම්පනවලින් සුනාමි අවධානමක් නොමැති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.

රිච්ටර් පරිමාණයේ ඒකක හයක්වූ භූකම්පනයෙන් දේපළ කිහිපයකට හානි සිදුව තිබුණි.

කෙසේ නමුත් භූකම්පන දෙකෙන්ම කිසිදු පුද්ගල හානියක් හෝ විශාල දේපළ හානියක් සිදුව තිබුණේ නැත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *