Press "Enter" to skip to content

තම රට අමෙරිකාවේ සතුරෙකු නොවේ – චීන රජය

තම රට අමෙරිකාවේ සතුරෙකු නොවන බව චීන රජය පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු සැඟවූ බවට අමෙරිකාව විසින් සිදුකරන චෝදනාවට අද(20) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෙන්ග් ෂුඈන්ග් මේ බව ප්‍රකාශ කර තිබුණි.

වෛරසයයට එරෙහි සටන ජයග්‍රහණය කිරීමට නම් ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු අතර ඒ පිළිබඳ චීනයට චෝදනා එල්ල කිරීමට කාලය වැය කිරීමෙන් ඵලක් නොවන බව ඔහු සඳහන් කර ඇත.

චීනය විසින් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ තොරතුරු සැඟවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම චෝදනා කළ අතර එම කටයුතු සොයා බැලීම සඳහා චීනයට  විමර්ශන කණ්ඩායමක් ‍යොමු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *