Press "Enter" to skip to content

ධවල මන්දීරයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 865ක් වාර්තා වි තිබේ. 

එය වෛරසය ව්‍යාප්තිය ආරම්භ විමෙන් අනතුරුව පැය 24ක කාලයක්තුල එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බව සදහන්. 

ඒ අනුව වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුව ඇති පුද්ගල මරණ3873ක් දක්වා ඉහළ ගොස් ඇත. 

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද පත්ව ඇති අමෙරිකාව, මේ වන විට වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. 

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් දෙලක්ෂ 50,000කට ආසන්න පිරිසක් මිය යා හැකි බවට ද ධවල මන්දීරය අනතුරු අඟවා තිබේ. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *