Press "Enter" to skip to content

ප්‍රංශයේ පිහි ඇණුමක්

ප්‍රංශයේ  ගිනිකොනදිග ප්‍රදේශයේ සිදුවූ පිහිඇනුමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ සිදුවීමෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ගිනිකොනදිග ප්‍රංශයේ රෝමන් සූරිසියා නගරයේ වෙළඳසැලක් ආසන්නයේදී මෙම පිහි ඇනුම සිදුව තිබේ.

අදාළ වෙළඳසැල් හිමිකරු සහ ඉන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි පිරිසක් ප්‍රහාරයට ගොදුරු වී තිබුණි.

අනතුරුව ප්‍රහාරකයා නගරයේ තවත් වෙළඳසැලක සිටි පිරිසක් වෙතද ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය වසාදමා ඇතත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටතට පැමිණීමට ජනතාවට අවසර හිමිව තිබේ.

ප්‍රහාරයට ගොදුරුවී තිබුණේ එලෙස භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් පිරිසකි.

ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.

ප්‍රහාරකයා සුඩාන ජාතික තිස්තුන් හැවිරිදි අයෙක් බවට පොලිසිය හඳුනාගෙන තිබුණි.

ඔහු පදික වේදිකාව මත අරාබි බසින් යාඥා කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.

කුමන හේතුවක් මත මෙම ප්‍රහාරය සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *