Press "Enter" to skip to content

මගීන් 100ක් රැගත් ගුවන් යානයක් අනතුරට

මගීන් 95 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු සමඟ කසකස්ථානයේ අල්මාටි  ගුවන් තොටුපලෙන් ගුවන් ගත වූ ගුවන් යානයක් අනතුරට ලක් වී ඇත.

අනතුරට ලක්ව ඇත්තේ අල්මාටි සිටි නූර් සුල්තාන් අගනුවර වෙත් පියාසර කළ බෙක් එයාර් සමාගමට අයත් ගුවන් යානයක්.

යානය ගුවන්ගතකර සුළු මොහොතකින් නගරයේ ඉහළින් වූ කොන්ක්‍රීට් බාධකයක ගැටී දෙමහල් ගොඩනැඟිල්ලක් මතට කඩා වැටී ඇත.

ගුවන් යානය අල්මාටි නගරය ආසන්නයේම අනතුරට ලක්ව ඇති අතර සහන සේවකයින් එම ස්ථානයට පැමිණ මෙහෙයුම් ආරම්භ කර ඇත.

අනතුරින් යානයේ ගමන් ගත් හත් දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති අතර ඉතිරි පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *