Press "Enter" to skip to content

විදුලියෙන් ක්‍රියාත්මක පියාසර ටැක්සිය

විදුලි බලයෙන් ක්‍රියාත්මක පියාසර ටැක්සියක් පිලිබද පුවතක් සිංගප්පූරුවෙන් වාර්තා වෙයි.

වොලෝකොප්ටර්ස් විදුලි ටැක්සිය ලෙසින් නම් කර ඇති මෙම පියාසර රථයේ අත්හදාබැලීම සිදුවුණේ සිංගප්පූරුවේ සුප්‍රකට මැරීනා බේ ප්‍රදේශයේයි.

මිනිත්තු දෙකක කාලයකට සීමා වූ මෙම පියාසරිය අත්හදාබැලීමට එක් නියමුවෙක් යොදාගෙන තිබුණි.

ජර්මානු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම වොලෝකොප්ටර් ටැක්සිය නුදුරේදීම චීනය වෙත හදුන්වාදීමට අදාළ සමාගම අපේක්ෂාවෙන් පසුවෙයි.

යම් හෙයකින් මෙම ටැක්සිවල පැය ගණනාවක් පියාසර කිරීමට හැකිවුවහොත් එය ප්‍රවාහන තාක්ෂණයේ දැවැන්ත විප්ලවයක් වනු ඇති.

මිනිසුන් සහිත විදුලි ටැක්සියක් සිංගප්පූරුවේ පියාසර කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.

කෙසේ වෙතත් මෙතරම් ජනාකීර්ණ කලාපයක එවන් යානාවක් පියාසර කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නිරන්තරයෙන් මෙවන් අපූරු අත්හදාබැලීම් සදහා තෝතැන්නක් වන සිංගප්පූරුව 2022 වසර වනවිට දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක රියදුරන් රහිත බස් රථ සේවයේ යෙදවීමටත් අපේක්ෂාවෙන් පසුවන බව මේ පුවත්වල වැඩිදුරටත් සඳහන් විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *