Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

international-news

නේටෝවෙන් යුක්‍රේනයට යුද ආධාර

යුක්‍රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට නේටෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

 

නේටෝ සංවිධානය අවස්ථා රැසකදීම යුක්‍රේනයට යුධ ආධාර ලබා දී තිබෙනවා.

 

 

කච්චතිවු ලංකාවට දුන්නාට මෝදිට හොදටම කේන්ති ගිහින්

එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය.

 

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් මෝදි මහතා මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.

 

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි මහතා පැවැසුවේය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.

 

රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී.නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.

 

 

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් පිරිසක් අත්අඩංගුවට

රුසියාවේ දකුණු ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මොවුන් ප්‍රසිද්ධ ස්ථානයක යම් පිපිරීමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

 

මේ අතර ලබන ජූලි මාසයේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අවලංගු කරන ලෙසට ප්‍රංශ ඔත්තු සේවා නිර්දේශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

 

ඒ, රුසියාවේ මොස්කව්හි ප්‍රසංග ශාලාවක සිදු වු ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත තර්ජන මතුවිමේ ඉඩකඩක් පැවතිම හේතුවෙන්.

 

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින්, ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

 

 

කාන්තාවන්ට ගල් ගසා මරාදැමීමේ දඬුවම නැවතත් ක්‍රියාත්මකයි… ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය

අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර තිබේ.

 

ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමෙන් පමණක් තලෙයිබාන් සංවිධානයේ කටයුතු අවසන් නොවන බව ද සිය තීරණය නිවේදනය කරමින් තලෙයිබාන් උත්තරීතර නායකයා ප්‍රකාශ කර තිබේ.

 

2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු අධ්‍යාපන, රැකියා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කාන්තාවන්ට දැඩි සීමා පනවනු ලැබීය.

 

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි, ගෝලීය වශයෙන් ඉතා දරුණු තත්ත්වයක පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වාදී තිබිණි.

 

 

මේ වසරේ ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

මාර්තු මාසය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 642.49ක දක්වා වර්ධනය වී තිබෙනවා.

 

මෙය ඉන්දියානු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම අගය වන අතර එය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් මේ වසරට අදාල ඉහළම වර්ධන අනුපාතය ද වෙනවා.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මාර්තු 15න් අවසන් වන සතිය තුළ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.4කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

 

එමෙන්ම ඉන්දියානු ආර්ථිකය මේ වසරේ දී 7.6%කින් පමණ වර්ධනය වනු ඇති බවට මේ වන විට ගණන් බලා ඇති බවද සඳහන්.

 

 

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අවුරුදු 14ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

 

ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වනවා.

 

එමෙන්ම අවුරුදු 14ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කරන ලෙසද උපදෙස් දී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

රුසියාවම කතාවෙන පුංචි වීරයා

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත් 15 හැවිරිදි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉස්ලාම් ඛලිලොව් නම් මෙම පාසල් සිසුවා ප්‍රහාරය එල්ලවූ රඟහලේ අර්ධකාලීන රැකියාවක නිරතව සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.

 

ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර මැද කලබලයට පත්ව දිව ආ ජනතාවට ශාලාවෙන් පිටතට යාමට මෙම පාසල් සිසුවා මඟ පෙන්වීම ප්‍රශංසාවට ලක්වී තිබේ.

 

මේ අතර මොස්කව් ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ඔත්තු සේවා මීට දෙසතියකට පමණ පෙර රුසියාව වෙත තොරතුරු ලබාදුන් බවට පළවන වාර්තා අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

 

මේ අතර ප්‍රහාරය කාලයක් පුරා සැලසුම් කර ඇති බවත්, ප්‍රහාරකයන් යුක්‍රේනය දෙසට පලායමින් සිට ඇති බවත් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රොකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 133 දෙනෙකුට දිවි අහිමිවිය.

 

150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බව පැවසෙයි.

 

දශක දෙකකට පසු රුසියාවෙන් වාර්තාවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS සංවිධානය භාරගෙන තිබුණි.

 

 

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් (වීඩියෝ)

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

 

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුල්වන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

 

පක්ෂයේ විශ්වාසය කඩකළ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබේ.

 

එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බවය.

 

එමගින් පක්ෂයේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවද වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර තිබේ.

 

 

බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

 

ඇද වැටීමෙන්, 69 හැවිරිදි මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට තුවාල සිදුවී ඇත. රෝහල්ගත කිරීමෙන් පසු මැහුම් දැමීමට සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 

මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයයි. ඇය ඇතුළත් කෙරුණේ කොල්කටා එස්.එස්.කේ.එම්. රෝහලටය. තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගියාය.