Press "Enter" to skip to content

අගමැති රනිල්ගෙන් ශ්‍රීලනිප හතරකට ඇමති නිවාස

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකුට මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ඇමති නිල නිවාස තුළ රැඳී සිටීමට අවසර ලබාදී තිබේ.

එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන්නේ ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, දුමින්ද දිසානායක, විජිත් විජිතමුනි සොයිසා යන මහත්වරුන්ය. මෙම සිව් දෙනා සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වී මේ වන විට මාස 7කට අධික කාලයක් ගත වී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *