Press "Enter" to skip to content

අත්අඩංගුවට ගත් ශිවාජිලිංගම් එළියට

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්. කේ. ශිවාජලිංගම් මහතා සහ තවත් පුද්ගලයෙක් අද (16) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ උපවාසයක් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයෙක් වන තිලීපන්ගේ ගුණ සමරීමක් වලක්වාලමින් නිකුත් කර තිබුණු අධිකරණ නියෝගයට පිටින් යමින් තිලීපන් ගුණ සැමරීම සම්බන්ධයෙනි.
ශිවාජලිංගම් මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ අධිකරණ නියෝගය තමන්ට නොලැබුණු බවය. 

එම නියෝගය ශිවාජලිංගම් මහතාට ලබාදීමට නොහැකි වූ බව එහිදී පොලීසියද පිළිගෙන තිබේ. තමා වාර්ෂිකව තිලීපන් ගුණාඅනුස්මරණය සිදුකර ඇති බවත් ඊට මෙවැනි බාධාවන් එල්ලවී නැති බවත් ශිවාජලිංගම් මහතාගේ පාර්ශවයෙන් අධිකරණයට කරුණු දැක්වීමක් කර ඇත.

ශිවාජලිංගම් මහතාට සහ සෙසු සැකකරුට අධිකරණයෙන් ඇප ලැබී ඇත්තේ එම කරුණු දැක්වීමට අනුවය. ලබන 25 වෙනිදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශිවාජලිංගම් මහතාට යාපනය අධිකරණය නියෝග කර තිබේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *