Press "Enter" to skip to content

අද පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

2020 ජනවාරි 03 වැනිදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසැම්බර් මස 02වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට තීරණය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ 2020 ජනවාරි මස 03 වැනිදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව නැවත රැස් වන බවයි.

ඒ අනුව, එදින ජනාධිපතිවරයා විසින් සම්ප‍්‍රදානුකූලව රාජාසන කථාව සිදු කරනු ඇති.

නව ආණ්ඩුවක් පත් වී ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ ආසන පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *