Press "Enter" to skip to content

අයි.ඕ.සී තෙල් මිල අඩු කරයි

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

එම සමාගම සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කළ බව ය.

එම සමාගමේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නොමැත. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව දැනට පවතින මිලෙහි පවත්වා ගෙන යාමට අද පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *