Press "Enter" to skip to content

ආයෙම ටෙලි නාට්‍ය බලන්න පුළුවන්…සිනමා හා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රවල කටයුතු නැවත අරඹන්න සෞඛ්‍ය නිර්දේශ

කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් අකර්මන්‍ය වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *