Press "Enter" to skip to content

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවත් නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවටත් චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගත්තේය.

‘‘චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරනවා’’ යැයි සිය ඉන් ඉවත් වන බව නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේදී ඊයේ (30) පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනෙකුත් සංවිධානවලට හා අරමුදල්වලට සපයන බව ද හෙතෙම කීය.

ලොව රටවල් සෞඛ්‍ය හා සුව සේවා ප්‍රවර්ධනය කිරීමේ නියැළෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව විවිධ රටවල, කලාපවල සහ ලොවපුරා පැතිර යන විවිධ රෝග, ‘කොවිඩ්-19’ වසංගතය වන ගෝලීය වසංගත සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ තොරතුරු බෙදාහදා ගනිමින් ලෝකයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්ති සකසන ප්‍රමුඛතම ආයතනය ලෙස කටයුතු කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද (31) වනතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි යුරෝපීය සංගමය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ලොව රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව ගෝලීයව ගෙන යන සටනට බාධා එල්ල විය හැකි යැයි ද යුරෝපා සංගමය පෙන්වා දුන්නේය.

දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත් අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාසයේදී අනතුරු ඇඟවීමක් කළේය.

රොයිටර්

055

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *