Press "Enter" to skip to content

උණුසුම වැඩිවීම ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (14) දිනයේ ඉහළ උණුසුමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිළිනොච්චිය, වව්නියා, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ අගයක පවතිනු ඇති බවය.

 

ඒ අනුව මෙම උණුසුමට වැඩිවේලාවක් නිරාවරණයවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විම සහ විජලන තත්වයක් හෝ මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු අතර මෙම තත්වය තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම අත්‍යවශ්‍ය බවය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *