Press "Enter" to skip to content

උපාවාසයේ නිරත හාමුදුරුවෝ රාත්‍රීයේ ගියේ ඇයි?

‍‍ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දහවල් කොළඹ නිදහස් චතුරස්‍ර යේ දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. ‍

කෙසේ් වෙතත් අද රාත්‍රී 10 පමණ වන විට එම හිමිනම් අදාළ ස්ථානයේ දක්නට නොලැබුණු අතර එක් අයෙක් පමණක් හිමියන් උපවාසය ආරම්භ කළ ආසනය සමීපයේ සිටිනු දක්නට ලැබිණි.

එම උපවාසය මේ වන විට සමාජ ජාලාවල දැඩි උසුළු විසුළු වලට ලක්ව ඇති ආකාරයද දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් සමාජ ජාලා වල පළ වී ඇතිතේ උන් වහන්සේ උපවාසයේ ප්‍රගතිය වාර්තා කිරීම සදහා සිරිකොත එජාප මූලස්ථානයට ගොස් ඇති බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *