Press "Enter" to skip to content

එජාපයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුවට දෙහි කපයි

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටම ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කිරීම විශේෂත්වයකි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් සඳහා වසර හතරක් තිස්සේ ජලය ලබා නොදුන්නේ ඇයි ද කියා ප්‍රශ්න කළේය. ජල සම්පාදන අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහා තවත් සති දෙකක කාලයක් අවශ්‍ය බවයි.

වසර හතරක් තිස්සේ මීටර් 50ක බට කෑල්ලක් දාගන්න බැරිවුණු තමන් නියෝජනය කරන ආණ්ඩුව ගැන ලැජ්ජා වන බවත් වසර හතරක් තිස්සේ විසඳුම් ලබා නොදී ඒ සඳහා තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම විහිළුවක් බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *